ජාත්‍යන්තර මර්ස්ක් නෞකා ජාලයේ නියෝජිත පිරිසක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සංචාරයක

ඒ.පී මේලර් – මර්ස්ක් ( Maersk ) ජාත්‍යන්තර නෞකා ජාලයේ විශේෂ නියෝජිත පිරිසක් පසුගිය දා (2019.02.27) ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සංචාරයක නිරත වූහ. එහි ප‍්‍රධාන විධායක නිලධාරී – සොරේන් ස්කොඖ ( Soren Skou ) මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් වූ මෙම විදේශ නියෝජිත පිරිස ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ මහතා සමග විශේෂ සාකච්ඡුාවක නිරත වූහ.

ඉදිරි මාස 18 තුල කොළඹ වරාය සුහුරු වරායන් අතරට

ශ්‍රී ලංකාවේ කාර්යබහුලම වරාය වන කොළඹ වරාය නව තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් ස්වයංක්‍රීය පද්ධතිවලින් ක්‍රියාත්මක, සුහුරු වරායක් (Smart port) බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා අද දින (25) පැවසීය.

2050 දක්වා ඇති වරාය ජාතික සැලැස්මට ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය

ප‍්‍රවෘත්තියක වටිනාකම දැන හැඳිනගනිමින්, නිවැරදි වූත්, විශ්වාසනීය වූත් ක‍්‍රමවේදයක් ඔස්සේ වරාය හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ ප‍්‍රවෘත්ති, විශේෂාංග සහ වරාය ආශ‍්‍රිත ලිපි සම්පාදනයෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමේ පරමාර්ථ පෙරදැරිව මෙම පුවත් වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.

ග්ලෝබල් පොර්ට් ෆෝරම් 2019 ‘වසරේ වරාය අධිකාරිය සම්මානය’ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට

2005 වසරේ සිංගප්පූරුවේ කොස්මොපොලිටන් ග්ලෝබල් පොර්ට් හි දී ව්‍යාපාරිකම ය අරමුණු මුල් කර ගනිමින් ආරම්භ කරන ලද ලෝක වරාය සැසිය Global Port Forum – GPF විසින් වාර්ෂික ව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. එහි දී සාමාජික වරායන්ගේ ක‍්‍රියාකාරීත්වය හා එහි ඉදිරි සංවර්ධන දායකත්වය පිළිබඳ නිරන්තර සැලකිල්ලට ගනු ලැබේ.

“බෙයිජිං බි‍්‍රජ් නෞකාව” කොළඹ වරායට පැමිණෙ යි.

AGL නෞකා ජාලයට අයත් ‘‘බෙයිජිං බි‍්‍රජ්’’ (MV Beijing Brige) නෞකාව පසුගියදා (2019.02.13) කොළඹ වරාය වෙත සිය ප‍්‍රථම ආගමනය සිදු කළා ය. එය, කොළඹ වරායේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් JCT පර්යන්තය වෙත පැමිණෙන ලදී.

සමුද්‍රීය සේවා සැපැයුම් ජාතික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා වෙත පිළිගැන්වේ

මේ තුළින් සමුද්‍රීය කලාපයේ තිරසාර සංවර්ධනයක් තුළින් ශ‍්‍රී ලාංකේය ආර්ථිකය වෙත ධනාත්මක මෙන් ම ප‍්‍රමුඛතම දැක්මක් තුළින් අවතීර්ණ වීමට සහ ශ‍්‍රී ලාංකේය සමුද්‍රීය සහ සේවා සැපැයුම් සඵලදායී ලෙස ක‍්‍රියාත්මක කිරීම තුළ දිගු කාලීන ඉලක්ක ඔස්සේ රට තුළ සමෘද්ධිමත් භාවයක් ඇති කර ගත හැකි බැව් ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා අවධාරණය කළේ ය.

කාවන් රත්නායක මහතා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධූරයට

අද දවසේ සිට අපි වරාය ක්‍ෂේත‍්‍රය රටට සහ හෙටට ගැලපෙන ප‍්‍රතිපත්ති රාමුවක පිහිටා කටයුතු කිරීමට පියවර ගන්නවා  ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා […]

කොළඹ වරාය බහලූ ඒකක මිලියන 07ක් මෙහෙයවයි

කොළඹ වරාය ඓතිහාසික වාර්තාගත සටහනක් කරමින් අද දින (2018.12.31) බහලූ ඒකක මිලියන 07ක් මෙහෙයැවීමේ කඩඉම පසු කළේ ය. 1973 වර්ෂයේ දී පළමු බහලූව මෙහෙයැවූ කොළඹ වරාය […]

ඇමරිකානු නියෝජිත පිරිසක් කොළඹ වරායේ සංචාරයක

ඇමරිකානු රාජ්‍ය නියෝජිතයින් පිරිසක් පසුගියදා කොළඹ වරායේ විශේෂ සංචාරයක නිරත විය. සහකාර රාජ්‍ය ලේකම් ඬේවිඞ් රාන්ස් , ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී අලයිනා ටිප්ලිට්ස් මැතිණිය , ශ‍්‍රී […]

කොළඹ වරාය ඇතුළු ලාංකේය වරායයන් වෙත පැමිණෙන සංචාරක මගී නෞකාවල කැපී පෙනෙන වර්ධනයක්

ශ්‍රී ලාංකීය සංචාරක කර්මාන්තයට විශිෂ්ඨ දායකත්වයක් ලබා දෙන කොළඹ වරාය ප්‍රමුඛ ශ්‍රී ලාංකීය වරායයන් වෙත පැමිණෙන සංචාරක මගී නෞකා වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. ආසියානු, […]