ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ වරායේ විශේෂ නිරීක්‍ෂණයක

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තකේයි ෂුන්සුකේ (Takei Shunsuke) මැතිතුමා පසුගියදා කොළඹ වරායේ විශේෂ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

මේ වන විට කොළඹ වරායේ සිදු කරමින් පවතින සංවර්ධන කටයුතු පිළිබඳ නිරික්ෂණය කිරීම සහ එම සංවර්ධන කටයුතුවල අන්තර්ගතය විමසා බැලීම මෙම චාරිකාවේ මූලික අරමුණ විය.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම විශේෂ නිරික්ෂණ චාරිකාවේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත්. ඩී. බර්නාඩ් මහතා ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරීන් අතර විශේෂ හමුවක් ද කොළඹ වරායේ ප්‍රධාන පාලන මැදිරි පරිශ්‍රයේ දී සිදුවිය. එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත්. ඩී. බර්නාඩ් මහතා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර බහලු පර්යන්තය (ECT), බටහිර බහලු පර්යන්තය (WCT), උතුරු වරාය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත පැහැදිලි කිරීමක් ද කරන ලද අතර, මෙම නිරික්‍ෂණ චාරිකාවට පැමිණීම පිළිබඳ සිය ප්‍රසාදය ද පල කරන ලදී. එමෙන්ම ශ්‍රී ලංකාවේ වරාය ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා ජපාන රජය විසින් ජයබහලු පර්යන්තයේ සහ ත්‍රිකුණාමලය වරායේ සංවර්ධන කටයුතු සඳහා දක්වන ලද සහයෝගය පිළිබඳව ද මෙහිදී සභාපතිවරයා විසින් කෘතවේදීත්වය පලකරන ලදී.

ඡායාරූපය :

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත්. ඩී. බර්නාඩ් මහතා විසින් ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Takei Shunsuke මැතිතුමා වෙත විශේෂ ඇගැයුම් තිළිණයක් පිරිනැමූ අවස්ථාව. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, කළමණාකාර අධ්‍යක්‍ෂ සුසන්ත අබේසිරිවර්ධන, හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා යන උසස් නිලධාරීන් ද ඡායාරූපයේ වේ.

  Share:

Leave a Reply

*

five × 1 =