සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය 41 වැනි සංවත්සරය සමරයි

කෝවිඞ් -19 ව්‍යවසන තත්ත්වය දරුණුතම අවදියේදී ත්, කලාපීය වරායයන් අභිබවා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අඛණ්ඩව සේවා පවත්වා ගෙන යාමට හැකිවීම සියලූ දෙනා ලත් ජයග‍්‍රහණයක්


ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය 41 වැනි සංවත්සරය සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් 2020.08.11 දින සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය පරිශ‍්‍රයේ දී පවත්වන ලදී.

සර්වාගමික කටයුතු මුල්කර ගනිමින් සරලව පැවති මෙම සැමරුම් උත්සවයේ දී සභාව ඇමතු ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ගරු සභාපති ජෙනරල් දයා රත්නායක මහතා, ජාතික ආර්ථිකයේ ප‍්‍රමුඛස්ථානයේ වැජඹෙන ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ 41 වන සංවත්සරය වෙනුවෙන් මෙලෙස ඇමතීමට ලැබීම පිළිබඳව ඉමහත් සතුටට පත්වන බවත්, රටේ පවතින කෝවිඞ් -19 ව්‍යසන තත්ත්වය හේතුවෙන් එය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නොහැකි බවත් අවධාරණය කළේ ය.

කෝවිඞ් -19 ව්‍යවසන තත්ත්වය දරුණුතම අවදියේදී ත්, කලාපීය වරායයන් අභිබවා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අඛණ්ඩව සේවා පවත්වා ගෙන යාමට හැකිවීම සියලූ දෙනා ලත් ජයග‍්‍රහණයක් බවත්, ඒ සඳහා අවදානම් තත්ත්වය නොතකා කැපවීමෙන් රාජකාරි කළ සියළු නිලධාරී සේවක මහත්ම මහත්මීන් හට සිය කෘතඥතාවය පිරිනමන බවත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජෙනරල් දයා රත්නායක මහතා, නව රජයේ සෞභාග්‍යයේ දැක්ම තුළින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ජයග‍්‍රාහී මාවතකට ගෙන යාම සඳහා නිරතුරුවම සහයෝගය ලබා දෙන අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා මෙන්ම, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ 41 වසරක දීර්ඝ ඉතිහාසය පුරා එහි අභිවෘද්ධිය සඳහා කැපවූ සියලූම වරාය විෂයභාර අමාත්‍යවරුන්ට හා සියළු නිලධාරි මහත්ම මහත්මීන්හට සිය කෘතඥතාවය පුද කර සිටින බවත් පැවසීය.

එමෙන්ම, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සුන්දර හරිත පරිසරයකින් හෙබි ලොව ප‍්‍රමුඛස්ථානයේ වැජඹෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ අභිමානය බවට පත් කිරීමට අප සියලූ දෙනා අදිටන් කරගත යුතු බවත් අවධාරණය කළේ ය.
මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යාංශ අතිරේක ලේකම් කුමාරි සෝමරත්න, උප සභාපති/කළමණාකාර අධ්‍යක්‍ෂ ඩබ්.එස්. වීරමන්, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා, අධ්‍යක්‍ෂ(මුදල්) ශිරාණි වන්නිආරච්චි, අධ්‍යක්‍ෂ(මෙහෙයුම්) ජයන්ත පෙරේරා, ඇතුළු වරාය අධිකාරියේ කළමණාකාරීත්වයේ උසස් නිලධාරීන්, විධායක නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීන් රැුසක් මේ අවස්ථාවට එක් වූ හ.


ඉහළ සේයාරුව: ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරල් දයා රත්නායක මහතා උත්සව සභාව අමතමින්

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ 41 වැනි සංවත්සරය සමරමින් වරාය ධජය ඔසවන ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක, ජාතික ධජය ඔසවන වරාය හා නාවික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කුමාරි සෝමරත්න හා බෞද්ධ ධජය ඔසවන ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති/කළමණාකාර අධ්‍යක්‍ෂ ඩබ්.ඒ. වීරමන් යන මහත්ම මහත්මීන්.

Leave a Reply

*

5 − five =