හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියරේ ඩො.මි. 584.19 ක මුදල චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ගෙවයි

හම්බන්තොට වරාය ආයෝජනය සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම අතර ඡුඡුඡු ක‍්‍රමය යටතේ ගිවිසුම් ගත විය. ඒ සඳහා වන ආයෝජනයේ පළමු හා දෙවන අදියරයන්ට අදාල මුදල් 2018 වසරේ ජූලි හා ජනවාරී මාසවලදී සිදු කළ අතර, අවසන් අදියර සඳහා නියමිත ආයෝජන මුදල වන ඇ.ඩො.මි. 584.19 ක මුදල චයිනා මර්චන්ට් පෝර්ට් හොල්ඩිංග්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ගෙවන ලදී.

2017 වර්ෂයේ ජූලි 29 වන දින ශ‍්‍රී ලංකා රජය සමග එක්ව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් පෝර්ට් හොල්ඩිංග්ස් සමාගම අතර හම්බන්තොට වරාය සංවර්ධනය වෙනුවෙන් සහන ගිවිසුමක් අත්සන් තැබිණි. එය රාජ්‍ය – පුද්ගලික සහයෝගී (PPP) ගිවිසුමක් ලෙස ක‍්‍රියාත්මක කෙරේ.

ඒ යටතේ 2017 දෙසැම්බර් 09 වන දින හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා පුද්ගලික සමාගම CM Port යන සමාගම් දෙක ස්ථාපිත කෙරිණි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) ස්ථාපිත වනුයේ PPP ක‍්‍රමය යටතේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්ච්න්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම හා එක්වය. HIPG සමාගම ශ‍්‍රී ලංකාවේ විශාලතම සංවර්ධිත බහුකාර්ය වරාය වේ. එය ශ‍්‍රී ලංකාව බහළු ප‍්‍රතිනැව්ගත කේන්ද්‍රීය තත්ත්වයක සිට සේවා සැපයුම් කේන්ද්‍රයක් සඳහා වන අන්තර් ජාතික මාවතකට විවෘත වේ. ‘‘CM Port සමාගම ලෝකයේ වරාය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රධානතම සමාගමකි. හම්බන්තොට වරායේ ඔවුන් විසින් සිදු කරනු ලබන මෙම ආයෝජනය විශ්වාසනීය පැහැදීමක් ලෙස අදහස් කළ හැකිය. එසේම එය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ද ඔවුන්ගේ පැහැදීම දක්වයි.’’ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්්‍ය පරාක‍්‍රම දිසානායක මහතා විසින් අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටී.

මෙම සමාගම් දෙක ස්ථාපිත වීම තුළ 2018-19 වර්ෂවලදි අදියර ෂ හා ෂෂ අනුව, හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා පිළිවෙළින් ඇ.ඩො.මිලියන 400 ක් හා 600 ක් යෙදවේ. මෙම ආයෝජනය හේතුවෙන් විශාල විදේශීය ආයෝජන රට තුළට ආකර්ශනය වන අතර, ශ‍්‍රී ලංකාව සුවිශාල සමුද්‍රීය හා සේවා සැපයුම් කේන්ද්‍රයක් ලෙස ප‍්‍රවර්ධනය වේ.

ලෝකයේ විශාලතම බහළු පර්යන්ත මෙහෙයුම්කරුවා වන CM Port සමාගම කොළඹ වරාය තුළ CICT පර්යන්තය මෙහෙවන අතර, එහි වර්ධනය 2016 වර්ෂයේ දී බහළු එකක් මිලියන 95 ක් ලෙස දැක්වේ. චීනය තුළ මෙම සමාගම විසින් මෙහෙයවන වරායන් නම් හොංකොං, ශෙන්ෂෑන්, නින්ග්බෝ යන ඒවා වේ. තවද, යුරෝපයේ හා ආසියාවේ වරායන් කිහිපයක් ද නයිජීරියාව. ඩිජිබ‍්‍රටී, මෝගෝ සහ තුර්කියේ වරායයන් ද මෙහෙයවමින් සිටි.

Leave a Reply

*

3 × 3 =