WISTA ශ‍්‍රී ලාංකේය තරුණියන් නාවික ක්‍ෂේත‍්‍රයේ වෘත්තීන් සඳහා ප‍්‍රවර්ධනයට මුල පුරයි

නාවික ක්‍ෂේත‍්‍රයේ ක‍්‍රියාකාරි භූමිකාවන් සඳහා තරුණියන් කෙරේ උනන්දුවක් ඇති කරමින් ශ‍්‍රී ලාංකේය කාන්තාවන් අතර නාවික ක්‍ෂේත‍්‍රයේ වෘත්තීන් ප‍්‍රවර්ධනය ඉලක්ක කරගත් WISTA ශ‍්‍රී ලංකා සංවිධානය විසින් සංවිධානය කරන ලද 2018 වෘත්තීය දින වැඩසටහන අති සාර්ථක ලෙසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වරාය හා සමුදි‍්‍රක විද්‍යායතන පරිශ‍්‍රයේ ඇතුළත්මුදලි ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.

2015 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා මෙරට විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනයන් ගෙන් ඉගෙනුම ලබන තරුණියන් ඉලක්ක කර ගනිමින් මෙම වෘත්තීය පුහුණු වැඩසටහන පැවැත්වූ අතර මෙවර වැඩසටහන් සඳහා කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රමුඛතම කාන්තා පාසල් වන සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය, ගෝතමී බාලිකා විද්‍යාලය, හේමමාලි බාලිකා විද්‍යාලය, කනපති හින්දු කාන්තා මහා විද්‍යාලය, ෆාතිමා මුස්ලිම් බාලිකා විද්‍යාලය, ක්ලින්ටන් බාලිකා විද්‍යාලය, ලින්ඞ්සේ බාලිකා විද්‍යාලය, විශාකා බාලිකා විද්‍යාලය, දේවි බාලිකා විද්‍යාලය යන පාසැල්වල වාණිජ විෂය ධාරාව හදාරණ සිසු දැරියන් සහභාගී කර ගනිමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, CICT පර්යන්තය හා SAGT පර්යන්තවල දායකත්වයෙන් යුතුව මෙම වැඩසටහන පවත්වන ලදි. සහභාගී වූ සිසු දැරියන් හට පර්යන්ත දිත්ත්වයේ විශේෂ නිරික්‍ෂණ චාරිකාවකට ද අවස්ථාව උදා වූ අතර, අධ්‍යක්‍ෂ (සේවා සැපයුම්) – උපාලි ද සොයිසා, ප‍්‍රධාන කළමණාකරු (අලෙවි හා ව්‍යාපාර ප‍්‍රවර්ධන) – උපුල් ජයතිස්ස යන මහත්වරු විසින් විශේෂ දේශන පවත්වන ලදී.

Leave a Reply

*

1 × 3 =