ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව නියමු යාත‍්‍රා 2 ක්

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 2019 පෙබරවාරි මස 01 වැනි දින නියමු යාත‍්‍රා 2 ක් නිෂ්පාදනය කර භාරදීමට එකඟව කොළඹ නැව් තටාකාංගනය සමගින් ගිවිසුම් ගතවිය.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නාවික කටයුතු සඵලදායි කර ගැනීමේ අරමුණෙන්, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට නව නියමු යාත‍්‍රා 2 ක් ලබා ගැනීම අද දින (2019.12.23) කොළඹ නැව් තටාකාංගනයේ දී සිදුවිය.

මාර්ග, මහා මාර්ග, වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධාත්වයෙන් හා වරාය සංවර්ධන රාජ්‍ය ගරු අමාත්‍ය කනක හේරත්, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් ආර්.එම්.ඞී රත්නායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට නියමු යාත‍්‍රා ලබා ගැනීමේ උත්සව අවස්ථාවේ අදහස් දැක්වූ මාර්ග, මහාමාර්ග, වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා, සභාව අමතමින් මෙය සුවිශේෂි අවස්ථාවක් ලෙස තමා විශ්වාස කරන බවත්, සමුද්‍රීය ක්‍ෂේත‍්‍රයේ කීර්තිමත් නාමයක් හිමිකරගත් කොළඹ නැව් තටාකාංගනය මෙම නිෂ්පාදන සිදුකිරීම තුළ දේශීය නිෂ්පාදන අගය කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයන් සමග නිසි ලෙසින් ගැලපෙන බවත් පැවසී ය. තවද, මේ තුළින් ශ‍්‍රී ලාංකේය ආර්ථිකය ශක්තිමත් කිරීමට ප‍්‍රබල දායකත්වයක් සැලසෙන බවත් පැවසීය.

පසුගිය කාලය තුළ පැවති අකාර්යක්‍ෂම පාලනය සහ සහරාන්ගේ ප‍්‍රහාරය හමුවේ රටේ ආර්ථික තත්වය බිඳ වැටුණු බවත්, මෙම කොළඹ නැව් තටාකාංගනය සතු වූ ඩොලර් මිලියන 50 ක ඇණවුම් අවලංගු වීම සමස්ථ ආර්ථිකයටම සිදු වූ ප‍්‍රබල පහරක් බැව් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇමරිකන් ඩොලර් මිලියන 3.1 ක පිරිවැයකින් (රු. මිලියන 550 කට ආසන්න ලෙසින්) යුතුව නිෂ්පාදනය කළ මෙම නියමු යාත‍්‍රා නිල වශයෙන් භාරගන්නා මේ මොහොත ශ‍්‍රී ලාංකික ආර්ථිකය නංවාලීමට මෙන්ම දේශීය නිෂ්පාදන ඇගැයීමට රැකුලක් වන බැව් අවධාරණය කළේ ය.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 2019 පෙබරවාරි මස 01 වැනි දින නියමු යාත‍්‍රා 2 ක් නිෂ්පාදනය කර භාරදීමට එකඟව කොළඹ නැව් තටාකාංගනය සමගින් ගිවිසුම් ගතවිය. මීටර් 19 ක දිගින් යුතුව නියමුවන් සිව්දෙනෙකු (04) හා නාවිකයින් සිව්දෙනෙකු (04) හට පහසුවෙන් සිය කටයුතු ඉටු කළ හැකි ලෙසින් නිමවා ඇති මෙම නියමු යාත‍්‍රා ද්විත්වය, ශ‍්‍රී ලංකාවේ පවතින ඕනෑම කාලගුණ තත්ත්වයක් යටතේ නාවික සැතපුම් 22 ක වේගයෙන් යාත‍්‍රා කළ හැකි ලෙසින් නිෂ්පාදනය කර තිබේ.

මාස 10 ක කාලයක් තුළ කොළඹ නැව් තටාකාංගනයේ නිෂ්පාදනය කරන ලද මෙම නියමු යාත‍්‍රා මෙරට නිෂ්පාදනය කිරීම තුළ සෘජු හා වක‍්‍ර ලෙසින් ශ‍්‍රී ලාංකේය තරුණ ප‍්‍රජාව වෙත රැුකියා අවස්ථා සහ නවමු තාක්‍ෂණික දැනුම ලබා ගැනීමට ද අවකාශය සැලසීම විශේෂිත ය.

මෙම අවස්ථාවට වරාය රාජ්‍ය අමාත්‍ය ලේකම් එන්.පී.වී.සී. පියතිලක, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින්, කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා, අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) ජයන්ත පෙරේරා, හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා, වෙළෙඳ හා නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න, Lioyds Register ආයතනයේ ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු ජගත් කුමාර, කොළඹ නැව් තටාකාංගනයේ සභාපති එච්. ටනකා, කළමණාකාර අධ්‍යක්‍ෂ /ප‍්‍රධාන විධායක නිලධාරි ඞී.වී. අබේසිංහ, අධ්‍යක්‍ෂ කේ. කනයා, කාර්මික උපදේශක වයි සකී, සාමාන්‍යාධිකාරි (යාත‍්‍රා නිෂ්පාදන) ලාල් හෙට්ටිආරච්චි යන උසස් නිලධාරින් එක් වි ය.

Leave a Reply

*

five × 1 =