ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජෙනරාල් දයා රත්නායක මහතා පත්වේ

ජෙනරාල් දයා රත්නායක මහතා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අද දින (2019.12.20) රාජකාරි
ආරම්භ කළේ ය. ඔහු ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු 20වැනි යුධ හමුදාපතිවරයායි. එමෙන් ම යුධ ජයග‍්‍රහණයෙන්
පසුව පුනුරුත්තාපන කොමසාරිස් ජෙනරාල් ලෙස ද කටයුතු කොට ඇත. එමෙන්ම යුද්ධ හමුදා ප‍්‍රකාශකවරයා ලෙස ද ඔහු
කටයුතු කොට ඇත.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාලය වෙත පැමිණි අභිනව සභාපතිවරයා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ මහතා විසින් පිළිගත්තේ ය. එම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා මහතා ඇතුළු සියළු අධ්‍යක්‍ෂවරුන් ද සහභාගි වි ය.

බෞද්ධ ආගමික වතාවත් වලට මුල් තැන දී සිය රාජකාරි ආරම්භ කළ අභිනව සභාපතිවරයාට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා
යන මහත්වරුන් ඇතුළු සියළුම අධ්‍යක්‍ෂවරුන් ද, වෘත්තීය සමිති නායකයන් ද සුභ පැතුම් එක්කළ හ.

ඉන් අනතුරුව ප‍්‍රධාන රැස්වීම් ශාලාවේ දී කළමණාකාර අධ්‍යක්‍ෂ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ ඇතුළු අධ්‍යක්‍ෂකවරුන් ද, කොට්ඨාශ ප‍්‍රධානීන් ද හමු වී සුහද සාකච්ඡුාවක නිරත වි ය. එහි දී ඔහු ප‍්‍රකාශ කළේ, වරාය ශ‍්‍රී ලංකා ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන ඉතා දැවැන්ත ආයතනයක් බවත්, එය ආර්ථිකයේ ශක්තිමත් කුළුණක් ලෙසට හැඳින්විය හැකි බවත් ය. ඒ අනුව නව රජයේ දැක්ම හා ප‍්‍රතිපත්ති අනුව ඉදිරියේ දී අභියෝග සඳහා සාර්ථකව මුහුණ දෙමින් වරාය සංවර්ධනය වඩාත් ප‍්‍රතිඵලදායීව සිදු කරන බවයි.

එම සාකච්ඡුාවට පසුව අභිනව සභාපතිවරයා කොළඹ වරාය පරිශ‍්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත වි ය. එහිදී නියමු මධ්‍යස්ථානය, නැගෙනහිර පර්යන්තය, ජය බහලූ පර්යන්තයේ පාලන මැදිරිය ඔහුගේ නිරීක්‍ෂනයට ලක් වි ය. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා යන මහත්වරුන් ද එක් වි ය.

Leave a Reply

*

15 − 13 =