කාවන් රත්නායක මහතා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධූරයට

අද දවසේ සිට අපි වරාය ක්‍ෂේත‍්‍රය රටට සහ හෙටට ගැලපෙන ප‍්‍රතිපත්ති රාමුවක පිහිටා කටයුතු කිරීමට පියවර ගන්නවා 

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා අද දිනයේ (2019.01.17) වැඩ ආරම්භ කරන ලදී. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ‍්‍රයේ දී ආගමික වතාවත්වලට මුල්තැන් දෙමින් එම ආශිර්වාද මධ්‍යයේ නව සභාපති වරයා විසින් සිය රාජකාරි ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට වරාය, නාවික සහ දක්‍ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා සහභාගී වූ අතර, එහි දී සිය අදහස් ප‍්‍රකාශ කරමින්, අද දවසේ අපි වරාය තුළ අලූත් ගමනක් ආරම්භ කරන බැව් පැවසී ය. 1977 වර්ෂයේ දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ වරාය විෂය භාර අමාත්‍යවරයා ලෙසින් ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා වරාය ක්‍ෂේත‍්‍රයේ කැපි පෙනෙන වර්ධනයක් ඇති කළ බවත්, එතුමාගේ විශිෂ්ට දැක්ම සහ දර්ශනය එහිලා විශේෂයෙන් වැදගත් වූ බවත්, ජාතික භාණ්ඩාගාරයට ප‍්‍රමුඛ දායකත්වයක් ලබා දෙමින් සමාජීය හා ආර්ථික ප‍්‍රගමනයේ ලා පුරෝගාමී වූ ආයතනයක් ලෙස වරාය ඉමහත් කීර්තියක් හිමිකරගත් බවත්, පසු කාලීනව පෞද්ගලික අංශයේ දායකත්වයත් වරාය වෙත හිමිව අද දවසේ න්‍ක්‍ඔල ී්ඨඔල ක්‍ෂක්‍ඔ බහලූ පර්යන්තයන්ගේ දායකත්වයෙන් කොළඹ වරාය විශිෂ්ට ප‍්‍රගතියක් කරා පැමිණ ඇති බැව් පැවසීය.

එමෙන්ම, අද දවසේ සිට අපි වරාය ක්‍ෂේත‍්‍රය රටට සහ හෙටට ගැලපෙන ප‍්‍රතිපත්ති රාමුවක පිහිටා කටයුතු කිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ අත්දැකීම් සපිරි කාවන් රත්නායක මහතා මේ කටයුතු නොපිරිහෙලා ඉටුකරන බැව් තමා විශ්වාස කරන බවත් පැවසී ය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ලංකා සංචාරක කර්මාන්තය නගා සිටුවීම උදෙසා ජාතික සංචාරක සැළසුම් ක‍්‍රියාවට නංවමින් ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිධූරය හෙබවු කාවන් රත්නායක මහතා ලේක්හවුස් ආයතනයේ සභාපති ධූරය මෙන් ම ෂඊඵල ඩයලොග් ඇතුළු ආයතන රැුසක ප‍්‍රධාන තනතුරු හොබවා තිබේ.

මෙම උත්සව අවස්ථාවට ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි කාවින්ද ජයවර්ධන, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ – කපිතාන් අතුල හේවාවිතාරණ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ – උපාලි ද සොයිසා ඇතුළු වරාය අධිකාරිය කළමණාකාරීත්වයේ උසස් නිලධාරි මහත්ම මහත්මීන්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු සේවක මහත්ම මහත්මීන් රැසක් එක්වූ හ.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභපාති කාවන් රත්නායක මහතා වෙත වරාය, නාවික සහ දක්‍ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා සුභ පැතුම් එක් කළ මොහොත.

Leave a Reply

*

five × 5 =