ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පත්වෙයි

සමුද්‍රීය නාවික වෙළඳ ක්ෂේත්‍රයේ වෘත්තීය වේදියෙකු වන ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ශ්‍රී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස 2017 ජුනි මස 01 වන දින සිට පත්වීය. අදාල පත්වීම වරාය හා නාවික ගරු අමාත්‍යය මහින්ද සමරසිංහ මහතා විසින් සිදුකරන ලදි.

නව සභාපතිවරයා සිය රාජකාරී ආරම්භ කළ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උපසභාපති – පී.ජී.දසනායක, කළමණාකාර අධ්‍යක්ෂ – එච්.ඞී.ඒ.එස්.ප්‍රේමචන්ද්‍ර, ක්‍රියාකාරී අධ්‍යක්ෂ – එච්.ඒ.විමලසූරිය යන මහත්වරුන් ඇතුළු ඉහළ කළමණාකාරීත්වයේ සාමාජිකයින් හා සියළු කොට්ඨාශ හා අංශ ප්‍රධානින් සහභාගි වූහ.

ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා 2001-2004 කාලය තුළද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස හා ජයබහලූ පර්යන්ත සමාගමේ භාපතිවරයා ලෙසද කටයුතු කොට ඇත. එසේම වරාය කළමණාකරණ සේවා සමාගමේ ද සභාපතිවරයා ලෙස උක්ත කාලසීමාවයේ දී කටයුතු කොට ඇත. ආචාර්ය දිසානායක මහතා නව පත්වීම ලැබීමට ප්‍රථම එයිට්කන් ස්පෙන්ස් මැරිටයිම් සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ අතර එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේ ය.

වෘත්තීය ප්‍රවීණයකු වන ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා, එක්සත් රාජධානියේ පිහිටි වරලත් නැව් ඒජන්තවරුන්ගේ ආයතනයේ බ්‍රිතාන්‍යය ජාතික නොවන පළමු සභාපතිවරයා ලෙස ද තෝරා ගැනිණි. වරලත් නැව් ඒජන්තවරුන්ගේ ආයතනයෙහි සභාපතිවරයා ලෙස සිටිමින් ඒ මහතා එක්සත් ජාතින්ගේ සංවිධානය අනුබද්ධිත UNCTAD හී ද වරාය හා නාවික වෙළඳාම සම්බන්ධයෙන් තීරකයෙකු ලෙස කටයුතු කරයි. ප්‍රවාහන හා සේවා සැපයුම් වරලත් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති ලෙස ද කටයුතු කර ඇති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර උපදේශන සභාවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි. තවද, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ වරාය, නාවික, ගුවන් හා සේවා සැපයුම් ක්‍රියාකාරී කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. සිය ධූරයේ වැඩ භාරගනිමින් මෙම තනතුර සඳහා තමා පත්කිරීමට ගරු වරාය හා නාවික අමාත්‍යය මහින්ද සමරසිංහ මහතා විසින් ගත් තීරණයට ප්‍රසංසා කළ අතර, ශ්‍රී ලංකාවේ වරාය සහ නාවික ක්ෂේත්‍රයේ අනාගත ජයග්‍රහණය සම්බන්ධයෙන් වන එතුමාගේ ගැඹුරු දැක්ම අගය කළේ ය.

එමෙන්ම, වරාය හා නාවික ක්ෂේත්‍රයේ වත්මන් ගෝලීය ප්‍රවණතා හා අප හමුවේ ඇති අභියෝග පිළිබඳව ද සඳහන් කළේ ය. ලෝකයේ ප්‍රධාන නෞකා ජාල 04ක් පැවතියත් මේ වන විට එය ප්‍රධාන ජාල ( Shipping line) 03 කට පත්ව තිබීම තුළ ඒ ඒ සමාගම් අතර ඇති තරඟකාතරීත්වය පැහැදිලි කළේ ය. මේ දක්වා තම සේවාවන් සඳහා සුදුසු වරායන් තෝරා ගැනීමේ බලය අදාල නෞකා ජාලයන් වෙත හිමිවේ. මේ අනුව ලෝකයේ ප්‍රධාන පෙළේ බහලූ නෞකා සමාගම් 20ක් පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක පාඩුවක් වත්මන් ලෝක පරන පවණතා හමුවේ විඳීමට සිදුවූ බව සඳහන් කළ අතර, නැගෙනහිර සහ බටහිර වෙළඳ නාවික මාර්ගයේ පිහිටි කොළඹ වරාය, එළඹෙන වසර දෙක තුළ නිශ්පාදනය වන නෞකා පිළිබඳව එනම් Ultra large vessels පිළිබඳව අවබෝධයෙන් සිටීමේ වැදගත්කම ද ගෙනහැර දැක්වීය.

වරාය හා නාවික ගරු අමාත්‍යය මහින්ද සමරසිංහ මැතිතුමන්ගේ නව නායකත්වය යටතේ වෙන කවරදාකටත් වඩා ජයග්‍රාහී ස්ථානයකට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලක් කළ හැකි බවට අවසාන වශයෙන් හෙතෙම විශ්වාසය පළ කළේ ය.

ඉහළම පෙළේ වෘත්තීය වේදියකු හා සමුද්‍රීය වෙළඳ ආර්ථික විශේෂඥයෙකු මෙන්ම ගෝලීය සමුද්‍රීය වෙළඳ ක්ෂේත්‍රය පිළිබඳ සම්මානලාභියෙකු ද වන ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා එක්සත් රාජධානියේ වරලත් ව්‍යාපාරිකයෙකු ලෙස සුදුසුකම්ලාභි හා ආචාර්ය උපාධිය හා ව්‍යාපාර කළමණාකරණ උපාධිධාරියෙකු හා පුවත්පත් සඳහා නාවික වෙළඳ ක්ෂේත්‍රය පිළිබඳ ලිපි සම්පාදකයෙකු ද වේ.


ජායාරූපය: ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස සිය රාජකාරි ආරම්භ කරමින් (2017.06.01)

Leave a Reply

*

ten − one =