ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ මූලිකත්වයෙන් වරාය ශ්‍රී සම්බුද්ධත්ව චෛත්‍ය පරිශ්‍රයේදී පැවති වර්ෂ පූර්ණ සිහිපත් කිරීම ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සිදු කළේය
ශ්‍රී ලංකා වරාය අධිකරිය පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සිහිපත් කරනු ලැබීය. මීට වසරකට පෙර 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින ශ්‍රී ලංකාවේ සිදු වූ එම බෝම්බ ප්‍රහාරය නිසා ජීවිතක්ෂයට පත් වූ 300 ගණනකට ආසන්න වූ පිරිසද එයින් තුවාල ලැබූවන් හා විපතට පත් වූවන් ස්මරණය කිරීම අද දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේදී පැවත්විණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ මූලිකත්වයෙන් වරාය ශ්‍රී සම්බුද්ධත්ව චෛත්‍ය පරිශ්‍රයේදී පැවති වර්ෂ පූර්ණ සිහිපත් කිරීම ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සිදු කළ අතර එය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කොට තිබිනි.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රථමයෙන්ම පාස්කු ඉරුදින එම කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට ලක්ව මියගිය හා තුවාල ලැබූල දුකට පත් වූ පවුල් වල සියලු දෙනාට ප්‍රථමයෙන්ම සිය ශෝකය ප්‍රකාශ කළේය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, තිස් අවුරුදු යුද්ධයකින් පසුව නිර්මාණය වූ ස්ථාවර රටක නිදහස භුක්ති විදිමින් සිටි ජනතාවක් වෙත මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කළ බවයි. එය කිතුනු බැතිමතුන් හා විදේශිකයින් එල්ල කර ගනිමින් සිදුකළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවද ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම, “එවන් බිහිසුණු අත්දැකීමකට මුහුණ දී වසරක් ගත වීමට ප්‍රථමව නැවත භයානක ගෝලීය වසංගතයට අද මුහුණ දී සිටුමු. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්රමුඛ රජයද ආරක්ෂක අංශ ද සෞඛ්‍ය අංශ ද පොලීසිය ද එය මර්ධනය සඳහා නිසි ක්‍රියා මාර්ග ගනිමින් සිටී. ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද එම අභියෝගයට මුහුණ දෙමින් සිටී. ඒ සඳහා දායක වන කළමණාකාරීත්වයටත් සෑම අංශයකම නිලධාරීන් ඇතුළු සේවක මහත්ම මහත්මීන්ටත් මාගේ හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නා බව” හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්යක්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අතිරේක කළමණාකාර අධ්යක්ෂ උපාලි ද සොයිසා, අධ්යක්ෂ (මෙහෙයුම්) ජයන්ත පෙරේරා, අධ්යක්ෂ (ආරක්ෂක) මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි, අධ්යක්ෂ (සේවා සැපයුම්) උපුල් ජයතිස්ස, හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා, ප්‍රධාන ඉන්ජිනේරු (සිවිල්) M S S දේවප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීන්ද විධායක නිලධාරීන් ද සේවක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා සභාව අමතමින්
මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්යක්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අතිරේක කළමණාකාර අධ්යක්ෂ උපාලි ද සොයිසා, අධ්යක්ෂ (මෙහෙයුම් ) ජයන්ත පෙරේරා, අධ්යක්ෂ (ආරක්ෂක) මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි, අධ්යක්ෂ (සේවා සැපයුම්) උපුල් ජයතිස්ස, හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා, ප්‍රධාන ඉන්ජිනේරු (සිවිල්) M S S දේවප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීන්ද විධායක නිලධාරීන් ද සේවක මහත්ම මහත්මීන් ඇතුළු පිරිස.