/ජාත්‍යන්තර මර්ස්ක් නෞකා ජාලයේ නියෝජිත පිරිසක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සංචාරයක

ජාත්‍යන්තර මර්ස්ක් නෞකා ජාලයේ නියෝජිත පිරිසක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සංචාරයක

ඒ.පී මේලර් – මර්ස්ක් ( Maersk ) ජාත්‍යන්තර නෞකා ජාලයේ විශේෂ නියෝජිත පිරිසක් පසුගිය දා (2019.02.27) ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සංචාරයක නිරත වූහ. එහි ප‍්‍රධාන විධායක නිලධාරී – සොරේන් ස්කොඖ ( Soren Skou ) මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් වූ මෙම විදේශ නියෝජිත පිරිස ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ මහතා සමග විශේෂ සාකච්ඡුාවක නිරත වූහ.
මෙම අවස්ථාවට මර්ස්ක් සමාගම වෙනුවෙන් සිග්රිඞ් සුමාචර් ( Sigrid Schumacher ) – පුද්ගලික සහකාර, සොරෙන් ජෙකොබ්සන් (Soren Jakobsen) – කාර්යභාර කළමණාකරු , ජූලියන් බේවිස් ( Julian Bevis) – ප‍්‍රධාන මහජන සම්බන්ධතා උපදේශක, ස්ටෙවන් ෆෙල්ඩර් (Steven Felder) – කලාපීය කළමණාකාර අධ්‍යක්‍ෂ (ඉන්දියා, ශ‍්‍රී ලංකා, බංගලිදේශ, සිද්ධාර්ත් අයියර් ( Siddarth Iyer) – ශ‍්‍රී ලංකාවේ කළමණාකරු යන මහත්වරුන්ද සහභාගි වූහ.
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් එහි අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික – එච්.ඞී.ඒ.එස්. ප්‍රේමචන්ද්, අතිරේක කළමණාකාර අධක්‍ෂ – උපාලි ද සොයිසා, අධ්‍යක්‍ෂ (සේවා සැපැයුම්) – උපුල් ජයතිස්ස, අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) ජයන්ත පෙරේරා, හාබර් මාස්ටර් – කපිතාන් නිර්මාල් සිල්වා යන මහත්වරුන් ද සහභාගි වූහ.