වෙළඳ නාවික ක්‍ෂේත්‍රයේ නව අවස්ථා ප්‍රවර්ධනයට කොළඹ වරායේ ඉහළ මට්ටමේ දූත පිරිසක් බංග්ලාදේශයට

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාර්ඩ් මහතා මෙම දූත පිරිසෙහි ප්‍රධානත්වය ඉසිලූ අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) ලාල් වීරසිංහ, වැ.බ. අධ්‍යක්‍ෂ (ව්‍යාපාර ප්‍රවර්ධන හා මාධ්‍ය) සරත් දයානන්ද, සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොමේෂ් ඩේවිඩ්, කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්ත සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජැක් හුවැංග් සහ එහි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (වාණිජ හා ව්‍යාපාර ප්‍රවර්ධන) කැත්‍රියෝනා ජයසුන්දර යන මහත්ම මහත්මීන් සහභාගී වි ය.

මෙම සංචාරය සඳහා වූ පසුබිම සකස් වන ලද්දේ ඉතා මෑතක දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති හා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අතිගරු තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් මහතා සමග කොළඹ වරාය පරිශ්‍රයේදී සිදු වූ විශේෂ හමුවීම ය.

මෙම සංචාරය තුළ දී දූත පිරිස විසින් බංග්ලාදේශයේ වෙළඳ නාවික ක්‍ෂේත්‍රයේ නිරත උසස් මට්ටමේ විවිධ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කළ අතර, එහි දී කොළඹ වරාය හා චිතගොං වරාය අතර වෙළඳ සම්බන්ධතාවයන් වැඩි දියුණු කර ගැනීමට හා ඒ තුළින් බංග්ලාදේශ වෙළඳ පාර්ශවකරුවන්ගේ වැඩි ආකර්ශනය තුළින් කොළඹ වරායේ බහලු මෙහෙයුම් ධාරිතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

විශේෂාංග ඡායාරූපය:-
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් මහතා හා චිතගොං වරායේ සභාපති රියර් අද්මිරාල් එම් සාජහන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, වැ.බ. අධ්‍යක්‍ෂ (ව්‍යාපාර ප්‍රවර්ධන හා මාධ්‍ය) සරත් දයානන්ද,SAGT  පර්යන්ත සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොමේෂ් ඩේවිඩ්, CICT පර්යන්ත සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජැක් හුවැංග්, ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (වාණිජ හා ව්‍යාපාර ප්‍රවර්ධන) කැත්‍රියෝනා ජයසුන්දර යන මහත්ම මහත්මීන් සහ බංග්ලාදේශ නාවුක හා සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ උසස් නිලධාරීන් සාකච්ඡාවට එක් වූ මොහොත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් මහතා සහ චිතගොං වරායේ සභාපති රියර් අද්මිරාල් එම් සාජහන් මහතා සමග 
 බංග්ලාදේශ නැව් නියෝජිතයන්ගේ සංගමයේ සභාපති සිට් මොහොමඩ් අරිෆ් මහතා ඇතුළු බංග්ලාදේශ උසස් නිලධාරීන් සමග සාකච්ඡා කරමින්,

Leave a Reply

*

two × four =