ඇමරිකා එක්සත් ජනපද දකුණු හා මධ්‍යම ආසියානු බියුරෝවේ නියෝජ්‍ය සහකාර ලේකම් කොළඹ වරායේ සංචාරයක

ඇමරිකා එක්සත් ජනපද දකුණු හා මධ්‍යම ආසියානු බියුරෝවේ නේපාලය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තාර්ම හත්මිය පසුගිය දා කොළඹ වරායේ සංචාරයක නිරත වි ය.

එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාර්ඩ් මහතා ඇතුළු උසස් නිලධාරීන්හ මුවී සාකච්ඡා කළ අතර, කොළඹ වරායේ කලාපයේ කේන්ද්‍රීය වරායයක් ලෙස අනාගත සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයට සම්බන්ධ වීමේ හැකියාව පිළිබඳ අවධානයට ලක්වි ය.

ඡායාරූපය:-
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති කීත් ඩී. බර්නාර්ඩ් මහතා ඇමරිකා එක්සත් ජනපද දකුණු හා මධ්‍යම ආසියානු බියුරෝවේ නේපාලය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තාර් මහත්මිය හට විශේෂ සිහිවටනයක් පිරිනැමූ අවස්ථාව. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය උප සභාපති ගයන් අල්ගේවත්තගේ, වැ.බ. අධ්‍යක්‍ෂ (අලෙවි හා මාධ්‍ය) සරත් දයානන්ද, හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් පී. සිල්වා, දේශපාලන කටයුතු අංශ ප්‍රධානී ජේ.පී. ෆෙල්ඩ්මේයර්, එක්සත් ජනපද කොළඹ තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී රූබි වුඩ්සයිඩ්, එක්සත් ජනපද කොළඹ තානාපති කාර්යාලයේ සාගර කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක බ්‍රයන් ටී. වැනේ යන මහත්ම මහත්මීන් ද ඡායාරූපයේ වෙති.

Leave a Reply

*

12 − 8 =