මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව Reach Stacker යන්ත්‍ර ත්‍රිත්වයක්

මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව Reach Stacker යන්ත්‍ර ත්‍රිත්වයක්
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අත්‍යවශ්‍ය ව තිබූ Reach Stacker යන්ත්‍ර 03ක් මිලදී ගෙන සේවා සැපයුම් කොට්ඨාශයට සහ ක්‍රියාකරවන කොට්ඨාශයන් වෙත ලබා දීම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 43 වන සංවත්සරයට සමගාමීව පසුගියදා සිදුකරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මිලට ගෙන පරිහරණය නොකරන ලද, මෙම නවතම යන්ත්‍ර සියල්ලම භාණ්ගාරයේ අනුමැතිය යටතේ රුපියල් මිලියන 165කට ආසන්න මුදලකට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මිලදි ගත් බවත්, වර්තමාන වෙළඳපොල වටිනාකම අනුව ආසන්න වශයෙන් මෙම යන්ත්‍ර තුන රුපියල් මිලියන 600කට අධික බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ  මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය මෙම උපකරණ භාවිතය තුළින් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කළ සභාපතිවරයා මෙවන් යන්ත්‍ර හා උපකරණ මිලදි ගැනීමට අසීරු වකවානුවක ඉතා අඩු මුදලකට මෙම යන්ත්‍ර ලබා ගැනීමට හැකිවීම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයග්‍රහණයක් බවත් ප්‍රකාශ කළේ ය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙම අවස්ථාවට උප සභාපති ජී.යූ.කේ. අල්ගේවත්තගේ, කලමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, සුසන්ත අබේසිරිවර්ධන මහතා (අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ – තාක්ෂණික), අධ්‍යක්‍ෂ(තාක්ෂණ) පී.ඒ.ආර්.ඩී.පතිරාජ,  ප්‍රධාන ඉංජිනේරු(යන්ත්‍ර) එම්.එස්.ඒ.පතිරගේ යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා විසින් Reach Stacker යන්ත්‍ර භාරගත් අවස්ථාව. මෙම අවස්ථාවට උප සභාපති ජී.යූ.කේ. අල්ගේවත්තගේ, කලමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, සුසන්ත අබේසිරිවර්ධන මහතා (අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ – තාක්ෂණික), අධ්‍යක්‍ෂ(තාක්ෂණ) පී.ඒ.ආර්.ඩී.පතිරාජ, ප්‍රධාන ඉංජිනේරු(යන්ත්‍ර) එම්.එස්.ඒ.පතිරගේ යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද සිටී.

Leave a Reply

*

16 + one =