කොළඹ වරාය පර්යන්ත ක්‍රියාකරුවන් ගෝලීය ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිතතාව සහතික කරයි.

  • SLPA, CICT, SAGT සහ CASA ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරයි.
  • පළමු මාස හතර තුළ බහාලුම් හැසිරවීම 4.3% කින් ඉහළට.

කොළඹ වරායේ පර්යන්ත ක්‍රියාකරුවන් සහ නැව් සේවා නියෝජිතයින් පෙරේදා (24) දින සිය ගෝලීය ගනුදෙනුකරුවන්ට සහතික කර ඇත්තේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුද සහ සමාජ නොසන්සුන්තා මධ්‍යයේ වුවද දකුණු ආසියානු කේන්ද්‍රස්ථානයේ ව්‍යාපාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

ප්‍රකාශයක් හරහා ඒකාබද්ධව මෙම සහතිකයට පැමිණියේ ගෝලීය නැව් සමාගම් කොළඹට මෙහෙයුම් අඩු කරන බවත් දේශීය අර්බුද ඵලදායිතාවයට බාධා කරන බවත් පවසන වාර්තා මධ්‍යයේ ය.

“ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාරිත්වය (SLPA), සීමාසහිත කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්ත (CICT), දකුණු ආසියා ගේට්වේ පර්යන්තය (SAGT) සහ ලංකා නැව් නියෝජිත සංගමය (CASA ) විසින් රට පවතින ආර්ථික හා දේශපාලන අර්බුදකාරී තත්ත්වයන් හමුවේ වුවද කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය සහ අපේක්ෂිත මට්ටමින් අඛණ්ඩව සිදු කෙරෙන බව” ගෝලීය නැව් සමාගම් සහ බහාලුම් ක්‍රියාකරැවන්ට මෙන්ම සම්ප්‍රදායික මෙහයුම් සේවාවන්ට පෙරේදා (24) දින ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් සහතික විය.

පසුගිය සතියේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වරායේ අඛණ්ඩ සහ බාධාවකින් තොරව සිදුකරන මෙහෙයුම් පිළිබඳව ද රජයේ ඉහළම මට්ටමේ අවධානය යොමුව ඇති බව එහි සඳහන්වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කශේරුකාව වන් අත්‍යවශ්‍ය ප්‍රතිනැව්ගත කිරීම සදහා ආහාර සැපයීම, ආනයන අපනයන සහ ඒ ආශ්‍රිත සැපයුම් සේවා සපයන අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස හඳුනාගෙන ඇති කොළඹ වරායට (POC) අවශ්‍ය ඉල්ලුම පවත්වා ගැනීම සඳහා අඛණ්ඩ විදුලිය සහ ඉන්ධන සැපයීම සහතික කර ඇත.

නාවික සේවා ශ්‍රී ලංකා ආර්ථිකයට ඉමහත් දායකත්වයක් සපයන අත්‍යාවශ්‍ය සේවා අපනයනයන් වන අතර එබැවින් කලාපීය ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ වැදගත්කම නාවික ප්‍රජාව අවධාරණය කරයි. විදේශ මුදල් හිඟය හේතුවෙන් සමහර ආනයන භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදයන් නොතකා ආනයන සහ අපනයන නැව්ගත කිරීම් අපේක්ෂිත මට්ටම්වලින් ගමන් කරයි.

රටේ ආර්ථික ස්ථාවරත්වය සහ පුනර්ජීවනය සඳහා මෙම අංශයේ වැදගත්කම වරාය වෘත්තීය සමිති පිළිගන්නා අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාරිත්වය සහ පුද්ගලික පර්යන්ත, CICT සහ SAGT ආර්ථික අභියෝගවලට මුහුණ දෙමින් පාරිභෝගිකයන් වෙත සේවා සැපයීම සහතික කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරති. .

කාර්ය සාධනය සම්බන්ධයෙන් ගත් කල, කොළඹ වරාය අඛණ්ඩව වර්ධනය වන අතර මෙම වසරේ අප්‍රේල් දක්වා වන පළමු මාස හතර සඳහා 100,356 TEU (4.3%) සහ ප්‍රතිනැව්ගත කිරීමේදී 92,099 TEU (5%) හි 2021  එම කාල පරිච්ජේදයට වඩා වැඩි සමස්ත වර්ධනයක් සංඛ්‍යාලේඛන පිළිබිඹු කරයි.  – උපායමාර්ගික අභිප්‍රාය සහිත කලාපීය ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස අඛණ්ඩව ප්‍රධාන භූමිකාවක් ඉටු කරන අතරම ස්ථාවර ප්‍රගතියක් වාර්තා කිරීම සහ කිසිවෙකුට නොදෙවෙනි කලාපීය නැව් මධ්‍යස්ථානයක් දක්වා පරිණාමය වීමට ධාරිතාව සහ සේවාවන් පුළුල් කිරීමට සැලසුම් කරයි.

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල

Leave a Reply

*

1 + 20 =