වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචකයා ලෙසින් වරාය අධිකාරියේ දික්වැල්ල සුම්රි මහතා සම්මානයට පාත්‍රවේ.

2022 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල්දී වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචකයා ලෙසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිළධාරියෙකු ලෙසින් සේවයේ නියුතු දික්වැල්ල සුම්රි මහතා සම්මානයට පාත‍්‍ර විය. එම මහතාගේ “කරිවේප්ලෙයිහල්” (කරපිංචා) නාට්‍ය පිටපත මෙසේ ඇගයීමට ලක් විය.

විවිධ කලා කුසලතාවයන්ගෙන් පරිපූර්ණ දික්වැල්ල සුමිරි මහතා නාට්‍ය පිටපත්, නවකතා, කෙටිකතා 300 කට අධික ප‍්‍රමාණයක් රචනා කර ඇති ප‍්‍රවීණ ලේඛකයෙකි. ශාස්ත‍්‍රපති උපාධිධාරියෙකු වන එම මහතා සහකාර පරිපාලන කළමණාකරුවෙකු ලෙසින් ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට සිය සේවය ලබා දෙයි.

Leave a Reply

*

eighteen − twelve =