වරාය ප්‍රවේශ බලපත්‍ර නිකුත් කිරීම මින් ඉදිරියට මාර්ග ගත ක්‍රමයට පමණයි

ශ්‍රී ලංකා වරාය අධිකාරිය – ආරක්‍ෂක කොට්ඨාශය විසින් වරාය භාවිත කරන්නන් සඳහා නිකුත් කරන තාවකාලික/වාර්ෂික බලපත්‍ර 2021 මැයි මස 01 වන දින සිට මාර්ග ගත ක්‍රමයට (online) නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සළසා ඇත.

පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් හා රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතව මෙම පහසුකම් සැළසීම කෙරෙහි ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවධානය යොමු විය.

ඒ අනුව, සියලු වරාය භාවිත කරන්නන් සඳහා වඩාත් සෞඛ්‍යාරක්‍ෂිත ලෙස හා කාර්්‍යක්‍ෂම ලෙස තාවකාලික/වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම සඳහා මෙම පරිගණක මාර්ග ගත ක්‍රමය(online System) උපකාරී වනු ඇත.

මේ සම්බන්ධයෙන් වන සියළු තොරතුරු ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙබ් පිටුව වන  www.slpa.lk පිටුව හා news.slpa.lk නිල ප්‍රවෘත්ති වෙබ් අඩවිය මගින් ලබා ගත හැකි ය.

එසේම, මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු තාවකාලික බලපත්‍ර කාර්යාලය දුරකථන අංකය – 0112482665 හා වාර්ෂික බලපත්‍ර කාර්යාලය දුරකථන අංකය – 0112483167 ඔස්සේ ලබා ගත හැකි බවද ආරක්‍ෂක කොට්ඨාශය දන්වා සිටී.

Leave a Reply

*

2 × one =