වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස, ලංකා පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිළධාරියෙකු වන යූ. සී. ඞී ජයලාල් මහතා 2020.08.18 වන දින සිය ධූරයෙ රාජකාරි ආරම්භ කරන ලදී. මෙම අවස්ථාව සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු කාර්යය මණ්ඩලය, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා, උප සභාපති – කළමනාකාර අධ්‍යක්ෂක ඩබ්.එස්. වීරමන් මහතා, වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගේ පෙෘද්ගලික ලේකම්, සරත් කුමාර මහතා ඇතුළු නිළධාරීන් රැසක් සහභාගී වූහ.





