කොළඹ උතුරු වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වන ශඛ්‍යතා අධ්‍යයනයට උපදේශන සේවා ලබා ගනී

රටේ බලශක්තිය සඳහා වන ඉල්ලූම සැලකීමේ දී කොළඹ නගරය තුළ සිදුවන සුවිශාල සංවර්ධනය හේතුවෙන් විශාල ඉල්ලූමක් දැකිය හැකි ය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානත ම වෙළෙඳ නගරය වන කොළඹ නගරය තුළ වරාය පිහිටුවා තිබීම මේ වන විට අභියෝගයක් වෙමින් තිබේ. ඒ, වරාය තුළ දිනෙන් දින වර්ධන වන ප‍්‍රථිනැව්ගත බහලූ මෙහෙයවීම හා දේශීයව සිදු කෙරෙන ආනයන හා අපනයන භාණ්ඩ මෙහෙයුම් සඳහා අමතර ඉඩ පහසුකම් සොයා ගැනීමට යාමේ දී ය. එම ගැටළුවට විසඳුමක් ලෙස ඉඩකඩ ප‍්‍රමාණයක් කොළඹ වරාය තුළ ම අලූතින් ඇති කර ගැනීමට අවධානය යොමුව තිබේ.

දැනට පවතින කොළඹ දකුණු වරාය තුළ, ඉන්දියානු කලාපයේ කේන්ද්‍රීය වරායක් ලෙස ප‍්‍රථිනැව්ගත බහලූ මෙහෙයවීමට අවශ්‍ය ඉඩකඩ වැඩි කිරීමේ දී, අනෙකුත් මෙහෙයුම් සඳහා වන ඉඩ කඩ ඇහිරී එම භාණ්ඩ මෙහෙයුම් ධාරිතාව පහත වැටෙන තත්ත්වයක් උද්ගතව ඇත.

රටේ බලශක්තිය සඳහා වන ඉල්ලූම සැලකීමේ දී කොළඹ නගරය තුළ සිදුවන සුවිශාල සංවර්ධනය හේතුවෙන් විශාල ඉල්ලූමක් දැකිය හැකි ය. මේ හේතුවෙන් ආනයනික ස්වභාවික ගෑස් හා ඉන්දන මෙහෙයවීම සඳහා ආරක්‍ෂාකාරී පහසුකම් අත්‍යවශ්‍ය වේ. දැනට පවතින එම පහසුකම් වඩාත් පුළුල් කරමින් කොළඹ වරායට යාබද ව වෙනත් ස්ථානයක පැවැත්වීමට සාකච්ඡුා වෙමින් පවතී.

කොළඹ දකුණු වරාය ප‍්‍රථිඅපනයනය හා දේශීය බහලූ මෙහෙයුම් හි ධාරිතාව උපරිමයකට යොමු වෙමින් තිබේ. දැනට පවතින කොළඹ වරායේ දියකඩනයට ආවරණය වන පර්යන්ත තුළ ධාරිතාව වර්ෂයකට බහලූ මිලියන 12කි. එය බටහිර පර්යන්තය ( WTC ) ඉදි වී මෙහෙයුම් ආරම්භ වීමෙන් පසු මිලියන 15ක් දක්වා වර්ධනය වනු ඇත.

එය ඉදිරි වසර 10 තුළ දී සිදු කිරීමට අවශ්‍ය ශඛ්‍යතා අධ්‍යයනය හා තාක්‍ෂණික ඇගයීම් සම්පූර්ණ කර ක‍්‍රියාත්මක කිරීමට සුදුසු මට්ටමක පසු වේ.
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ඉදිරි වසර 30 සඳහා වරාය සැලසුම් සිදු කරමින් සිටී. ඒ අනුව දැනට පවතින දකුණු වරායට අමතරව උතුරු වරායක් ඉදි කිරීමට සැලසුම් කොට ඇත. ඒ තුළින් වාර්ෂික බහලූ මෙහෙයුම් ධාරිතාව මිලියන 35ක් උතුරු වරාය ස්ථිපිත කිරීම සඳහා යෝජනා කරණුයේ කැළණි ගං මෝය මෙපිට මෝදර කලාපයේ සිට දැනට ඇති උතුරු දියකඩනය දක්වා විහිදී ඇති ප‍්‍රදේශයයි. මෙම වරාය ව්‍යාපෘතිය තුළින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය බලාපොරොත්තු වන්නේ දියර නැව් බඩු, තොග කඩන නැව් බඩු, වාහන මෙහෙයුම් හා වෙනත් බහලූ මෙහෙයුම් සඳහා පර්යන්ත හා නැංගුරම් පොළ පහසුකම් ඇති කිරීමටයි. මෙම ව්‍යාපෘතියේ සක‍්‍රීය පදනම වනුයේ, ඇතිවන වරාය පහසුකම් පිළිබඳ ඉල්ලූමයි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳූහා වන යටිතල පහසුකම් හා සේවා පහසුකම් ලබා දීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය බලාපොරොත්තු වේ.

ඒ අනුව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, නාවික වෙළෙඳ ක්‍ෂේත‍්‍රයේ ඉල්ලූම පදනම් කර ගනිමින් ඇති වන මෙහෙයුම් ධාරිතාවට අවශ්‍ය පර්යන්ත හා නැංගුරම් පොළ පහසුකම් සංවර්ධනය සඳහා මෙම ව්‍යාපෘතිය ඇති කිරීමට අවශ්‍ය ශඛ්‍යතා අධ්‍යයනයක් සඳහා සැලසුම් කොට ඇත.

ආසියානු සංවර්ධන බැංකුවෙන් හිමි වන ප‍්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීමේ මූල්‍යාධාර ව්‍යාපෘතියක් යටතේ මේ සඳහා ශඛ්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට සූදානම් වන අතර, එය මාස 15ක් තුළ දී නිම කිරීමට බලාපොරොත්තු වේ.

ඒ අනුව රජයේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාපටිපාටියට අනුව මේ සඳහා මිල කැඳවා කොළඹ උතුරු වරාය සංවර්ධන ව්‍යාපෘතිය ශඛ්‍යතා අධ්‍යයනයක් සඳහා ආයතනයක් තෝරා ගැණිනි. ඒ සඳහා විෂය භාර කැබිනට් අමාත්‍යවරයාගේ අනුමැතිය ප‍්‍රකාරව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්සත් රාජධානියේ Infrastructure & Environment (AECOM) ආයතනය සමග 2020.02.20 දින ගිවිසුමකට එළැඹියේ ය.

මේ සඳහා වරාය හා නාවික විෂ්‍ය භාර ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ ද, ගරු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ද පූර්ණ මගපෙන්වීම ලබා දීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

ශ‍්‍රී ලංකා වරාය අධිකරිය සභාපති ජෙනරල් දයා රත්නායක මහතා හා කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ මහතා ද, Infrastructure & Environment (AECOM) UK කලාපීය අධ්‍යක්‍ෂ හා AECOM හි බලයලත් නියෝජිත Ralph Lional Philips මහතා ද තාක්‍ෂණික අධ්‍යක්‍ෂ Peter Manuelle Jones යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් වි ය.

Leave a Reply

*

five × 1 =