කොරෝනා වෛරසය නිරෝධායන වැඩසටහන වරාය සභාපති ජෙනරල් දයා රත්නායක මහතාගේ නිරික්‍ෂණයට

මගී නෞකාවන්ගේ පැමිණෙන සංචාරකයින් හා එම නෞකාවල සේවක මහත්ම මහත්මීන්ගේ වෛද්‍ය වාර්තා නෞකාවේ කපිතාන්වරුන් මගින් ලබා ගෙන පරික්‍ෂා කිරීමත් මෙහිදී සිදුවේ.

කොළඹ වරාය මගී පර්යන්තය වෙත පැමිණෙන සංචාරක මගී නෞකාවන්ගෙන් මෙරට පැමිණෙන සංචාරකයින්ගේ සෞඛ්‍ය පහසුකම් නංවාලීමේ විශේෂ වැඩපිළිවෙල නිරීක්‍ෂණය කිරීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ජෙනරල් දයා රත්නායක මහතා අද දින (2020.02.05) එක්විය.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතාගේ උපදෙස් මත ක‍්‍රියාවට නැංවෙන මෙම විශේෂ වැඩසටහන තුළින් සංචාරකයින්, නිසි ලෙසින් වෛද්‍ය පරික්‍ෂාවට ලක් කරනු ලබන අතර කිසිදු අයුරකින් සංචාරකයින් අපහසුතාවයට පත් නොකර වෛද්‍ය පරික්‍ෂණ වෙත යොමු කරනු ලබයි. ආසාධිත හෝ ආසාධිත බවට සැක කෙරෙන උණ රෝගීන් වේනම් ඔවුන් පරික්‍ෂා කිරීමට හා හුදෙකලා කර නිසි ප‍්‍රතිකාර ලබා දීමටද සෞඛ්‍යාරක්‍ෂිතව හා ප‍්‍රවේශම් සහගත ලෙස නිර්දේශිත රෝහල් කරා යෑමට අවශ්‍ය සියලූ පහසුකම් සම්පාදනයට ද විශේෂ අවධානය යොමු කරන ලෙස සභාපති දයා රත්නායක මහතා විසින් අදාල සියලූ පාර්ශවයන් වෙත දන්වන ලදී. ඒ අනුව, මේ සඳහා කොළඹ වරාය පරිශ‍්‍රයේ මගී පර්යන්තය තුළ විශේෂිත කුටියක් ඉදිකර ඇති අතර, එහි මෙහෙයුම් කටයුතු ද සභාපතිතුමාගේ නිරික්‍ෂණයට ලක් විය.

වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා මගී නෞකා සංචාරක වෙළෙඳ කුටි හිමියන්ගේ සුවදුක් විමසමින්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන වැඩසටහන් අධ්‍යක්‍ෂ වෛද්‍ය එස්.එම්.ආනල්ඞ් මහතාගේ සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රොෂාන් සම්පත් මහතාගේ පූර්ණ දායකත්වයෙන් සිදුකරනු ලබන මෙම නිරෝධායන වැඩ සටහන ඉතා සාර්ථකව පැවැත්වෙන අතර, කොළඹ වරායට පැමිණෙන සියලූ මගී නෞකාවන් දැඩි පරික්‍ෂාවට ලක් කෙරේ.

මගී නෞකාවන්ගේ පැමිණෙන සංචාරකයින් හා එම නෞකාවල සේවක මහත්ම මහත්මීන්ගේ වෛද්‍ය වාර්තා නෞකාවේ කපිතාන්වරුන් මගින් ලබා ගෙන පරික්‍ෂා කිරීමත් මෙහිදී සිදුවේ.

පසුගියදා මගීන් 1952 කින් හා 872 ක කාර්ය මණ්ඩලයකින් සමන්විතව කොළඹ වරායට ලඟා වූ Sun Princess නෞකාව සහ අද දින (2020.02.05) කොළඹ වරායට පැමිණි සංචාරක මගින් 2470 ක් සහ 1425 ක කාර්ය මණ්ඩලයකින් සමන්විත Queen Mary 2 නෞකාව, හා සංචාරක මගීන් 583 කින් හා 366 ක ගේ කාර්ය මණ්ඩලයකින් සමන්විතව කොළඹ වරායට ලඟා වූ Boudicca නෞකාවේ පැමිණි මගින් හා කාර්ය මණ්ඩලය ද මෙම විශේෂ නිරෝධායන වැඩසටහනින් පරික්‍ෂාවට ලක්කෙරිණි.

එහිදි Boudicca නෞකාවේ කපිතාන් Mikael Degerlund මහතාගේ ඇරයුමෙන් වරාය සභාපති ජෙනරල් දයා රත්නායක මහතා ප‍්‍රමුඛ උසස් නිලධාරීන් කණ්ඩායමක් නෞකාව තුළ විශේෂ පිළිසඳරකට ද එක්විය. එහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක මහතා, කොරෝනා වෛරසය සමග ඇති අභියෝග ජය ගැනීමට සියලූ පාර්ශව සමග එකතු වී ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුගතව සියලූ කටයුතු සම්පාදනය කිරීමට කොළඹ වරාය ප‍්‍රමුඛ වරාය අධිකාරිය ලෙසින් ඇප කැප වන බැව් අවධාරණය කළේ ය.

Boudicca නෞකාවේ නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසු සමූහ ඡායාරූපයකට පෙනී සිටි මොහොත. වමේ සිට පිළිවෙළින්, ප‍්‍රධාන ඉංජිනේරු(සිවිල්) සමන් දේවප‍්‍රිය, හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා, කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, Boudicca නෞකාවේ කපිතාන් Mikael Degerlound සභාපති ජෙනරල් දයා රත්නායක, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා, ප‍්‍රධාන කළමණාකරු (සන්නිවේදන හා මහජන සම්බන්ධතා) නලින් අපොන්සු යන මහත්වරුන් ඡායාරූපයේ වේ.

සංචාරක මගී නෞකාවන්ගෙන් පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා ශ‍්‍රී ලාංකේය අන්‍යතාවය පදනම් කරගත් සමරු තිළිණ, තෑගි භාණ්ඩ, අලෙවිසැල් නිරීක්‍ෂණයට ද සභාපති දයා රත්නායක මහතා එක්විය.

එහිදී අදහස් දැක් වූ වෙළෙඳසැල් හිමියන් ප‍්‍රකාශ කර සිටියේ පළමු වරට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයෙකු පැමිණ ස්වකීය අලෙවි කුටි නිරීක්‍ෂණය කිරීම හා ගැටළු පිළිබඳ විමසා බැලීම ශ‍්‍රී ලංකාවේ මගී නෞකා සංචාරක කර්මාන්තයට නවමු ප‍්‍රවේශයක් සපයන බවයි.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා Boudicca නෞකාවේ කපිතාන් Mikael Degerlund හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා, ප‍්‍රධාන කළමණාකරු (සන්නිවේදන හා මහජන සම්බන්ධතා) නලින් අපොන්සු, ප‍්‍රධාන ඉංජිනේරු (සිවිල්) සමන් දේවප‍්‍රිය මහතා ඇතුළු වරාය අධිකාරියේ උසස් නිලධාරීන් හා නැව් නියෝජිතවරුන් එක්වූ හ.

කොළඹ වරාය මගී පර්යන්තයට පැමිණි Queen Mary 2 නෞකාව
කොළඹ වරාය මගී පර්යන්තයට පැමිණ Boudicca නෞකාව

Click here to read this news in English

Leave a Reply

*

14 − thirteen =