ගාල්ල වරාය කඩිනමින් සංචාරක වරායක් බවට පරිවර්තනය කරනවා – කනක හේරත්

මෙම නිරික්‍ෂණ චාරිකාවේ දී ගාල්ල වරායේ සේවක මහත්ම මහත්මීන්ගේ සුභසාධන පහසුකම් පිළිබඳව ද සොයා බැලීමට ද අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

ගාල්ල වරාය සංචාරක වරායක් බවට පරිවර්තනය කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පසුගියදා, ගාල්ල වරායේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

එහිදී අදහස් දැක්වු වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, පසුගිය කාල වකවානුව තුළ කඩා වැටුණු ශ‍්‍රී ලාංකේය ආර්ථිකය ගොඩ නංවාලීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේත්, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේත් උපදෙස් පරිදි වරාය සංවර්ධනයට කටයුතු කරන බැව් පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වු අමාත්‍ය කනක හේරත් මහතා, 2005 වසරෙන් පසු ගාල්ල වරායේ කිසිදු සංවර්ධන ක‍්‍රියාවලියක් සිදු වී නොමැති බවත්, කඩිනමින් ගාල්ල වරාය තුළ රුවල් යාත‍්‍රා කලාපයක් ස්ථාපිත කර සංචාරක ප‍්‍රවර්ධනය සඳහා කටයුතු සලස්වන බැව් පැවසී ය. තවද, කඩිනමින් ගාල්ල වරායේ දියකඩනය සංවර්ධන කටයුතු ඇරඹීමට පියවර ගන්නා බවත්, සංචාරක මගී නෞකා ගාල්ල පිටත වරායේ නැංගුරම්ලා සංචාරක ප‍්‍රවර්ධන පහසුකම් පුළුල් කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.

මෙම නිරික්‍ෂණ චාරිකාවේ දී ගාල්ල වරායේ සේවක මහත්ම මහත්මීන්ගේ සුභසාධන පහසුකම් පිළිබඳව ද සොයා බැලීමට ද අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය. මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලේකම් එන්.පී.වී.සී.පියතිලක, ගාල්ල වරාය නේවාසික කළමණාකරු කේ.ඒ.කේ.එන්.ඩබ්.වීරසිංහ යන මහත්වරුන් සහ වාණිජ කර්මාන්ත හා සේවා ප‍්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම මහතා ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් රැසක් ද එක්විය.

  Share:

Leave a Reply

*

3 × three =