වරාය සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද දින (2019.12.12) කොළඹ වරායේ විශේෂ නිරීක්‍ෂණයක නිරත විය. කොළඹ වරායේ වර්තමාන තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු දැන ගැනීමේ අරමුණෙන් අමාත්‍යවරයා මෙම නිරික්‍ෂණ චාරිකාවේ නිරත විය.
එහිදී කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිවූ දියකඩනය, නැගෙනහිර පර්යන්තය, නියමු මධ්‍යස්ථානය, ජයබහළු පාලන මැදිරිය යන ස්ථානයන් අමාත්‍ය කනක හේරත් මහතාගේ විශේෂ අවධානයට යොමු විය.
එහිදී කොළඹ වරායේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා මහතා විසින් අමාත්‍යවරයා වෙත කරුණු දක්වන ලදි.
මෙම අවස්ථාවට වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලේකම් එන්.පී.වී.සී.පියතිලක මහතා මෙම අවස්ථාවට එක් විය.
