/‘නැගෙනහිර පර්යන්තය පිළිබඳ කටයුතු කළ යුත්තේ ඉතා නිවැරදි දැක්මකින් කටයුතු කිරීමෙන්’’

‘නැගෙනහිර පර්යන්තය පිළිබඳ කටයුතු කළ යුත්තේ ඉතා නිවැරදි දැක්මකින් කටයුතු කිරීමෙන්’’

වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා නැගෙනහිර පර්යන්තය මෙහෙයුම් කටයුතු සිදු කිරීම, ගාල්ල, ත‍්‍රි’මලය, කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම, කොළඹ වරාය සුහුරු වරායක් බවට පත් කිරීම, වරායේ මානව සම්පත දියුණු කිරීම යන කරුණු යටතේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය දියුණු කිරීමට තමා ඇප කැප වන බැව් වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසී ය.

එතුමා මේ බැව් ප‍්‍රකාශ කළේ 2019.08.06 වන දින වරාය මහපොළ සමුද්‍රීය විද්‍යායතනයේ දී පැවැති වරාය මෙහෙයුම් කළමණාකරණ ඩිප්ලෝමා ප‍්‍රදානෝත්සවයට එක්වෙමිනි.

වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක

වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා, දිවංගත ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා විසින් ස්ථාපිත කරන ලද ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය අද දවසේ සාර්ථකත්වය කරා පැමිණ ඇති බව පැවසී ය. තවද, එදා ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා හෙළි කළ මග ඔස්සේ නිවැරදි වූ දැක්මකින් යුතුව කටයුතු කිරීමට තමා නිරන්තරයෙන් අපේක්‍ෂා කරන බවත්, තමා කිසිදු විටෙක තීන්දු තීරණයක් ගැනීමේ දී වරාය අධිකාරිය, එහි සේවක ප‍්‍රජාව හා රට පිළිබඳ සිතා එම තීරණ වෙත එළැඹෙන බැව් අවධාරණය කළේ ය.

තමා මෙම අමාත්‍ය ධූරය භාරගත් මොහොතේ වරාය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් දැඩි පීඩනයක් පැවැති බවත්, එය එපමණ ට ම මෙම ආයතනයට හා රට ට වැදගත් වූවක් බැව් තමා අවබෝධ කර ගත් බවත් පැවැසී ය. එබැවින් නැගෙනහිර පර්යන්තය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ දී රට ට ඉතාම ඵලදායී වූ තීරණ මත හිඳ කටයුතු කිරීමට තමා ඇප කැප වන බවත් පැවැසී ය.

තවද, ආයතනයක චිරස්ථිතිය උදෙසා පුහුණු මානව සම්පත ඉතා වැදගත් බවත්, මෙම වරාය මෙහෙයුම් කළමණාකරණ ඩිප්ලෝමා ප‍්‍රදානෝත්සවයට පැමිණීමට ලැබීම පිළිබඳ තමා ඉතාමත් සතුට ට පත්වන බවත් පැවැසී ය. එමෙන් ම එම ඩිප්ලෝමාධාරීන් ස්වකීය දැනුම, කුසලතා, ආකල්ප නිසි අයුරින් කළමණාකරණය කර වරායේ හෙට දවස නංවාලීමට කැප වේ යැයි තමා විශ්වාස කරන බවත් පැවැසී ය.

මෙහි දී අදහස් දැක් වූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක මහතා උත්සව සභාව අමතමින්, දිවංගත ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා තම පියාගේ සමකාලීන මිතුරෙක් බවත්, එතුමා ස්ථාපිත කළ වරාය අද ලෝකයේ විශිෂ්ටත ම වරායයන් අතරට පැමිණ තිබෙන බවත්, සියලූ සේවක මහත්ම මහත්මීන්ගේ කැපවීම ඒ සඳහා බෙහෙවින් ඉවහල් වන බවත් පැවැසී ය.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය මගින් ආරම්භ කරන ලද මෙම වරාය මෙහෙයුම් කළමණාකරණ ඩිප්ලෝමා පාඨමාලාව වසර 2 1/2ක කාල පරිච්ෙඡ්දයක් පුරා වරාය මෙහෙයුම් හා කළමණාකරණ ක්‍ෂේත‍්‍රය පදනම් කරගත් පාඨමාලාවකි. වරාය අධිකාරියේ විවිධ ශ්‍රේණි වලට අයත් සේවක මහත්ම මහත්මීන් 40 දෙනෙකු මෙම පාඨමාලාව සාර්ථක ලෙස නිම කර ඩිප්ලෝමා සහතික හිමිකර ගනු ලැබී ය.

මෙම උත්සව අවස්ථාවට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා ඇතුළු අධ්‍යක්‍ෂකවරුන්, උසස් නිළධාරීන් හා සේවක මහත්ම මහත්මීන් රැසක් එක්වූහ.