වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා තුන් අවුරුදු සංවර්ධන සැළැස්මක් හඳුන්වා දෙයි

වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතාගේ හා වත්මන් කළමණාකාරිත්වයේ මඟපෙන්වීම මත ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා ‘‘තුන් අවුරුදු සංවර්ධන සැළැස්මක්’’ සකස් කෙරෙයි. නාවික හා වරාය ක්‍ෂේත‍්‍රයේ වත්මන් ලෝක ප‍්‍රවණතා පිළිබඳව අවධානය යොමු කරමින් ඒ සඳහා මුහුණ දීමට අවශ්‍ය උපාය මාර්ගික සැළසුම් ඇතුලත් කොට මෙම සැළැස්ම සැකසෙමින් පවතී.

ශ‍්‍රී ලංකාවේ වරාය හා නාවික ක්‍ෂේත‍්‍රය එහි පසුගිය ස්වර්ණමය යුගය වෙත නැවත කැඳවාගෙන යාමේ වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමාගේ පුළුල් දැක්ම හා බලාපොරොත්තුව වෙනුවෙන් ගත හැකි සෑම පියවරක් ගැනීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පෙරටුව සිටී. මෙම තුන් අවුරුදු සංවර්ධන සැළැස්මේ ප‍්‍රධාන අරමුණ වන්නේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් ආදායම වන රුපියල් බිලියන 44ක මුදල පෙර ලෙසම ද්විත්ව අංකයකින් (Double-digit) එළඹෙන වසර 03ක කාලය තුළද පවත්වාගෙන යාමයි.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්තයන්හි කාර්යක්‍ෂමතාව හා ඵලදායිතාව වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය උපායමාර්ගික සෑම පියවරක්ම ගැනීමට ගරු අමාත්‍යතුමාගේ උපදෙස් මත නව කළමණාකාරීත්වය කටයුතු කරමින් සිටී. ඒ යටතේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය අනෙකුත් සියළු වරායන්හි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය සියළු ආකාරයේ උපාය මාර්ග පිළිබඳව ද, ඒවායේ ස්ථාපිත කළ හැකි ආකාරයේ ව්‍යාපාර අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීමට ද බලාපොරොත්තු වේ. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ මානව සම්පත් සැළැස්මට ද අවශ්‍ය වැඩිදියුණු කිරීම් එක් කරන අතර, එහිදී වත්මන් සේවක සංඛ්‍යාව උපරිම ඵළදායිතාවයකින් යුතුව සේවයේ යොදවා ගැනීමට අවශ්‍ය හඳුනාගැනීම ද සිදු කරනු ඇත. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සිය පාරිභෝගික ප‍්‍රජාව කෙරෙහි සෑම අවස්ථාවකම ඉතා දැඩි අවධානය යොමු කර සිටින අතර, ඔවුන්ට උපරිම පහසුකම් සහිත විශිෂ්ඨ සේවාවක් ලබාදීම ද මෙම සැළසුමේ බලාපොරොත්තුවකි. මෙම නව සැළසුම කෙටුම්පත් කිරීමේ දී වරාය භාවිතා කරන්නන්, වෘත්තීය සමිති හා ව්‍යාපාරික ප‍්‍රජාවගේ අදහස් ලබා ගැනීමට ද නියමිතය. එමගින් වඩාත් සංවිධිත උපායමාර්ගික සැළසුමක් නිර්මාණය කිරීම තුළින් දැනට පවතින ලෙසම එළෙබෙන වසර 03 තුළ ද්විත්ව අංකයකින් (Double-digit) යුතු වර්ධනයක් ලබා ගැනීමට බලාපොරොත්තු වේ.

ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා 2002 වසරේ සිට 2004 දක්වා ද ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති වරයා ලෙස සේවය කළේ ය. එම කාලසීමාවේ දී රජයට අයත් පර්යන්තයක් ලෙස ජයබහලූ පර්යන්තය ඉතා උසස් තත්වයකට පත් කිරීමට අවශ්‍ය නව්‍යකරණයන් සිදු කරන ලදී. ඒ අනුව, කාර්යක්‍ෂමතාව හා ඵලදායිතාව ඉහළ අගයකට පත්වෙමින් අන්තර්ජාතිකව බහලූ පර්යන්තයන් අතර ඉතා ඉහළ විශ්වාසයක් දිනාගනිමින් වරාය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු බවට පත්වීමට හැකිවිය.

Leave a Reply

*

18 − 2 =