සේවක දුක්ගැනවිලි වලට ක්ෂණික විසඳුම් ලබා දීමටත් කාර්මික සබඳතාව වර්ධනය සඳහාත් වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් නව පත්කිරීම් දෙකක් 2022.03.21 වැනි දින සිදුකරන ලදී.
ඒ අනුව, සංජය කුමාර වැලිගම මහතා අධ්යක්ෂ (වෘත්තීය සමිති හා සේවක සබඳතා – ශ්‍රී ලංකා වරාය අධිකාරිය) ලෙසත්, ශ්‍යාමල් සුමනරත්න මහතා සහකාර ලේකම් (වෘත්තීය සමිති හා කාර්මික සබඳතා – වරාය හා නාවික අමාත්‍යංශය) ලෙසත් පත්කිරීමට අදාල පත්වීමේ ලිපි ප්රදානය කෙරිණි. ඒ වෙනුවෙන් උත්සවයක් වරාය පරිශ්‍රයේ දී පැවැත්විණි.
වරාය සේවක මහත්ම මහත්මීන්ගේ දුක්ගැනවිලි හා මුහුණු දෙන ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒවාට කඩිනම් විසඳුම් ලබා දීමෙන් ආයතනය තුළ කාර්මික සබඳතාවන් මනාව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් ගරු අමාත්‍යතුමන් විසින් මෙම පත්කිරීම් සිදුකොට ඇත.
වරාය හා ජාතික වෘත්තීය සමිති ව්‍යාපාරයේ දීර්ඝ කාලීන අත්දැකීම් සහිත, වත්මන් රජයේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ කම්කරු නායකයින් දෙපලක් ලෙසින් කටයුතු කරන සංජය කුමාර වැලිගම හා ශ්‍යාමාල් සුමනරත්න යන මහත්වරුන් වර්තමානයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ වරාය කාර්මාන්ත හා සේවා ප්රගතිශීලී සේවක සංගමයේ සභාපති හා ලේකම්වරුන් ලෙසද කටයුතු කරයි.
වරාය හා නාවික අමාත්‍ය ධූරයෙහි රෝහිත අබේගුණවර්ධන මහතා රාජකාරි ආරම්භ කිරීමත් සමග එතෙක් වරාය තුළ අක්‍රීයව තිබූ ජාතික මට්ටමේ ව්‍යාපෘති හා අනුබද්ධ ආයතනයන් හී ක්රියාකාරීත්වයන් නව දැක්මකින් යුතුව ඉලක්ක ගත අරමුණු වෙනුවෙන් යොමු කිරීම නැවතත් සක්‍රීය කරමින් සිටී. ගරු අමාත්‍යතුමන්ගේ අධීක්ෂණයට මෙම සියළු කාර්යයන් ලක්වන අතර, ඒ සඳහා සුදුසු පුද්ගලයන් පත් කිරීම ද සිදු කෙරේ. එහි පියවරක් ලෙස එතුමන් විසින් ඉහත පත් කිරීම් අද දින සිදු කෙරිණි.
එම අවස්ථාවේ දී සිය අදහස් දක්වමින් ගරු අමාත්‍යතුමන් ප්‍රකාශ කර සිටියේ “වරාය කටයුතු කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීම සඳහා වෘත්තීය සමිති හා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් දක්වන දායකත්වය ඉතාමත් අගය කරන බවයි. එමෙන්ම පුද්ගලිකව කුමන මතිමතාන්තර දැරුවද ආයතනය තුළ සැමටම තිබිය යුත්තේ එක් අරමුණක් බවයි. එනම් මෙම දුෂ්කර අවස්ථාවේ වියදම් අවම කර ගනිමින් ආදායම් වැඩි කර ගැනීමට අවශ්‍ය කටයුතු සැලසීමයි”.
අද නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම් ඉලක්කගත ආකාරයට කාර්යක්ෂමව සිදු වේ. ඒ සඳහා අවශ්‍ය පියවර තමන් සෘජුවම පුද්ගලිකව සොයා බලන බවත් අමාත්‍යතුමන් එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.
එමෙන්ම අද දින මෙලෙස තනතුරු ලැබූ සංජය කුමාර වැලිගම මහතා සහ ශ්‍යාමාල් සුමනරත්න මහත්වරුන්ගේ කටයුතු සාර්ථක වේවායි ද එතුමා සුභ පැතුම් එක් කළේ ය.
මෙම අවස්ථාවට බලශක්ති ගරු අමාත්‍ය ගාමිණී ලොකුගේ, ගුදම් පහසුකම්, බහලුම් අංගන, වාරාය සැපැයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත, වරාය හා නාවික ආමාත්‍යංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ඩී.ඩී. මාතරආරච්චි, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න, කලමණාකාර අධ්යක්ෂ උපුල් ජයතිස්ස යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුබද්ධ වෘත්තීය සමිති සංගමයේ සේවක මහත්ම මහත්මීන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්යක්ෂවරුන්, කොට්ඨාශ ප්‍රධානීන්, විධායක නිළධාරීන්, සේවක මහත්ම මහත්මීන්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.