නිරෝධායන නීති උල්ලංඝනය කිරීමෙන් වළකින්න

කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සෞඛ්‍ය බලධාරීන් විසින් හඳුන්වා දී ඇති සියලුම පියවරවල් ගෙන ඇත. වරායේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීම සහ ඒවාට සම්බන්ධ වන සියලුම දෙනා ආරක්ෂා කරගැනීම එහි එකම අරමුණ වේ.

කොවිඩ් 19 රෝග කාරක වෛරසය පැතිරී යෑම වැලැක්වීම සඳහා අහඹු ලෙස තෝරා ගන්නා ලද සේවක සේවිකාවන්ගේ නියැදි පී.සී.ආර්. පරීක්ෂණ වලට නිරන්තරයෙන් භාජනය කරනු ලබන්නේ එහි එක ප්‍රධාන පියවරක් වශයෙනි. මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කරනු ලබන සේවක සේවිකාවන් නිරෝධානයන නීති වෛද්‍යය කොට්ඨාශයේ උපදෙස් අනුව නිසි පරිදි පිළිපැදිය යුතුය.  නිරෝධායන නීති උල්ලංඝනය කරන ඕනෑම අයෙකු සම්බන්ධයෙන් කිසිඳු පැකිළීමකින් තොරව නිතී මාර්ගයෙන් කටයුතු කරනු ලැබේ.  කොවිඩ්-19 මුලිනුපුටා දැමීමට අප සියලු දෙනාම එක්ව ක්‍රියා කළ යුතු කාලය මෙයයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය

Leave a Reply

*

12 + seventeen =