නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සුභ මොහොතින් ආරම්භ වේ

ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකා වරාය පද්ධතිය පත් කිරීමේ නොනිමි ගමනේ තවත් එක් විසල් සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයට ( East Container Terminal – ECT ) බහාලුම් රැගත් ප්‍රථම නෞකාවේ සම්ප්‍රාප්තිය

ආසියාවේ ආශ්චර්යය කරා රට මෙහෙයවූ මහින්ද චින්තන දැක්ම යටතේ පසුගිය සමයේ ඉදිකොට වැඩ නිම කරවන ලද කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයට, ප්‍රථම වරට බහාලුම් රැගත් නෞකාවක මංගල සම්ප්‍රාප්තිය අද සනිටුහන් විය. එම පර්යන්තය මගින් ආනයන, අපනයන සහ ප්‍රතිඅපනයන කාර්යයන් හරහා මෙරට ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබා දීමේ හැකියාව පැවතිය නමුත් පසුගිය රජයේ වියවුල් පරිපාලනය හේතුවෙන් එය මෙරට ජාතික ආර්ථිකයට දායක කරගත නොහැකි විය. ඒ අනුව නැගෙනහිර බහාලුම් පර්යන්තයේ පළමු බහාලුම් නෞකාව ලෙස අප්‍රිකානු මහාද්වීපයේ සිට චීනය දක්වා යාත්‍රා කරනු ලබන “MSC EMMA” නමැති වාණිජ බහාලුම් නෞකාව තම බහාලුම් මෙහෙයුම් සඳහා අද දින නැගෙනහිර බහාලුම් පර්යන්තයට සේන්දු විය.

මෙම ව්‍යාපෘතියේ පළමු අධියර ලෙස මීටර් 450 ක දිගින් යුත් පර්යන්තය ඉදිකිරීමේ කටයුතු 2015 වර්ෂයේ අවසන් කෙරුණද, වසර පහකට අධික කාලයක් කිසිඳු මෙහෙයුම් කටයුත්තක් ආරම්භ නොවුණු වාතාවරණයක් යටතේ, JCT 5 ප්‍රයන්තය සඳහා අදාළ දොඹකර භාවිතා කර මෙම නැගෙනහිර බහලුම් පර්යන්තයේ, මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස තවත් මීටර් 600 ක දිගුවක් සහිත නව පර්යන්තයක් ඉදිකිරීමට ඉදිරියේදී සැලසුම් කොට ඇති අතර, JCT පර්යන්තයේ 5 වන අදියරේ ඉදිකිරීම් කටයුතුද මෙයට සමාන්තරව ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කොට තිබේ.

මෙම විශේෂ අවස්ථාවේ සමාරම්භක උත්සවය ගරු වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන කොළඹ වරායේ නැගෙනහිර පර්යනතයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍යය අමාත්‍යය ජයන්ත සමරවීර මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා, අමාත්‍යංශ ලේකම්වරුන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් සහභාගී වූහ.

මෙම අවස්ථාවේ වරාය හා නාවික අමාත්‍යය ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමන් අදහස් දක්වමින් කියා සිටියේ, ” පසුගිය යහපාලන රජය සමයේ මෙමෙ සංවර්ධන ව්‍යාපෘති නොසලකා හැරීමට ලක් කළ බවත්, වර්තමාන රජයේ සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් කරලීමේ වේගවත් ගමන තුළින් ශ්‍රී ලංකාව ආසියාවේ නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අවශ්‍යය කටයුතු සිදුකරන බවයි.”

ගරු වරාය හා නාවික අමාත්‍යතුමාගේ මාධ්‍යය ලේකම්වරයා විසින් නිකුත් කළ ජනමාධ්‍යය නිවේදනයකි.
2020 10.27

Leave a Reply

*

10 + 15 =