ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය 2023 වසර සඳහා රාජකාරි අරඹයි

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ද 2023 වසර සඳහා ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් රාජකාරි ආරම්භ කරන ලදී.

2023.01.02 වැනි දින වරාය ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය පරිශ‍්‍රයේ දී පැවැති ප‍්‍රධාන උත්සවය සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඞී. බර්නාර්ඞ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවේ අදහස් ප‍්‍රකාශ කරමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ප‍්‍රගමනය වෙනුවෙන් ගත යුතු සෑම ක‍්‍රියාමාර්ගයක් ම තමන් ගන්නා බවත්, සෑම විට ම කාර්මික සාමය ආරක්‍ෂා කරන බවත් ය. එමෙන් ම වරායේ සංවර්ධන අපේක්‍ෂාවන් සාක්‍ෂාත් කර ගැනීම සඳහා සෑම දෙනාගේ ම ධනාත්මක කැපවීම තමන් අපේක්‍ෂා කරන බවත් ය.

මෙම අවස්ථාවේ සිය අදහස් ප‍්‍රකාශ කරමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඞී. බර්නාර්ඞ් මහතා ප‍්‍රකාශ කර සිටියේ, අප සියළු දෙනා ම 2023 නව වසරට පා තබන්නේ නැවුම් බලාපොරොත්තු බොහෝමයක් අපගේ හදවත් පුරවාගෙන.  එම බලාපොරොත්තු පුද්ගලික වශයෙන්, පවුල් වශයෙන්, ආයතනයක් වශයෙන් අවසානයේ රටක් වශයෙන් පවතිනවා.  වරාය අධිකාරියේ රැකියාව කරන ඔබ සියළු දෙනාගේ අපේක්‍ෂාව විය යුත්තේ වරාය අධිකාරිය පෙර වර්ෂයට වඩා නෞකා අපගේ පර්යන්ත තුළට ආකර්ශනය කර ගනිමින් අපගේ ලාභය වැඩි කර ගැනීමයි. ඒ තුළින් ඔබ සියළු දෙනාගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමයි.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඞී. බර්නාඞ් මහතා උත්සව සභාව අමතමින් වරාය, නාවික හා ගුවන්සේවා අතිරේක ලේකම් කේ.එන්.කුමාරි සෝමරත්න, ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් අකිල ගයාන් කෞෂල්‍ය, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උපසභාපති ගයාන් අල්ගේවත්තගේ යන උසස් නිලධාරී මහත්ම මහත්මීන් ද ජායාරූපයේ වේ.

ඔබගේ එම අපේක්‍ෂාවන් වරාය අධිකාරියේ උන්නතිය වෙනුවෙන් ඉටු කිරීමට මා ඇතුළු කළමනාකාරීත්වය සුදුසු තීරණ ගැනීමට පසුබට නොවන බව මේ අවස්ථාවේ දී දන්වා සිටිනවා.

පසුගිය වසර වල එනම් 2020, 2021, සහ 2022 තුළ අප මාතෘ භූමිය වෙළාගත් කොවිඞ් වසංගතය මෙන් ම වෙනත් සාධක හේතුවෙන් සීඝ‍්‍ර ලෙස රටේ ආර්ථිකය කඩා වැටීමකට ලක් වුණා.

එලෙස ආර්ථික පසුබෑමට ලක් වුව ද ඔබ සියළු දෙනා කැපවීමෙන් හා උනන්දුවෙන් ඔබගේ රැකියාව සිදු කළ නිසා සෑම අභියෝගයක් ම ජය ගැනීමට හැකි වූ බව මා දන්නවා.  එම අභියෝගයන්ට මුහුණ දෙමින් කාර්යක්‍ෂම හා ඵලදායී සේවාවක් ලබා දීමට ඔබ දැක් වූ කැපවීමට මම ස්තූතිවන්ත වෙනවා.  එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මම කියන්න කැමතියි පසුගිය වසරේදීත් වරාය අධිකාරිය වශයෙන් අප ලාභ ලබන ආයතනයක් බවට පත් වුණා.  එම ලැබූ ලාභය වරාය අධිකාරියේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ ඔබ සියළු දෙනාගේ ම බලාපොරොත්තුව වන නැගෙනහිර බහළු පර්යන්තය එසේත් නැතිනම් JCT පර්යන්තයේ සංවර්ධන වැඩ කටයුතු සඳහා අපි ආයෝජනය කර තිබෙන බව මා මොහොතේ දී පවසන්නේ මහත් ආඩම්බරයෙන්.

නමුත් මේ මොහොතේ අපි සියළු දෙනා අදිටන් කරගත යුත්තේ පෙර වර්ෂයන්ට වඩා 2023 වසර තුළ බහලූ මෙහෙයුම් ප‍්‍රමාණය ඉතා ඉහළ අගයක පවත්වා ගැනීමට කටයුතු කිරීමයි.  ඒ සඳහා දැනටමත් අපි විවිධ ක‍්‍රමෝපායන්, සැලැසුම් සකස් කරමින් සිටිනවා.  එක් සැලසුමක් ලෙස 2023 වසර අවසන් වීමට පෙර ECT පර්යන්තය සඳහා ග‍්‍රැන්ටි‍්‍ර දොඹකර 04ක් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ වගේ ම විවිධ ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා.  එයින් අපි බලාපොරොත්තු වන්නේ වරාය අධිකාරියේ සංවර්ධනයයි.  වරාය අධිකාරිය යටතේ පවතින ප‍්‍රධාන පර්යන්තය වන JCT  අදියර 5 හි ඉදිකිරීම් මේ වන විට කර ගෙන යනු ලබනවා.  එමගින් දැනට මෙම පර්යන්තයේ මෙහෙයුම් කිරීමට අපහසු මධ්‍යම ප‍්‍රමාණයේ දිග නෞකා මෙහෙයවීමට අපට හැකියාව ලැබෙනවා.

සීඝ‍්‍ර ලෙස දියුණු වන තාක්‍ෂණික ලෝකය සමග අප කඩිනමින් එකතු වීම ඉතා වැදගත්.  පරිගණක පද්ධති තවදුරටත් හඳුන්වාදී ඒ තුළින් කාර්යක්‍ෂම සේවාවක් ලබා දීමට අවශ්‍ය සැලැසුම් සකසා ක‍්‍රියාත්මක කරමින් සේවාලාභීන් ආකර්ශනය කර ගැනීමට කටයුතු කළ යුතු වෙනවා.  ඒ වගේ ම අතී නවීන යන්ත‍්‍ර සූත‍්‍ර ද, යන්ත්‍රෝපකරණ, සෑම කාර්යකදී ම භාවිතා කිරීමට අවශ්‍ය පියවර ගත යුතු වෙනවා. ඒ තුළින් වඩාත් කාර්යක්‍ෂම සේවාවක් සැපැයීමට අපට හැකියාව ලැබෙනවා.

වරායේ අනාගත සංවර්ධනය උදෙසා යන්ත‍්‍ර සුත‍්‍ර, තාක්‍ෂණය, ව්‍යාපෘති සංවර්ධන කටයුතු පිළිබඳව වැඩි වශයෙන් කතා කළ ද, ඊටත් වැඩියෙන් කතා කළ යුතු වැදගත්ම සාධකය වන්නේ අපගේ මානව සම්පතයි.  එනම් ඔබ සියළු දෙනායි.  එම නිසා ඔබ සියළු දෙනාගේ රැකියාව තෘප්තිමත්ව තැබීම මාගේ වගකීම වෙනවා.  ඔබගේ රැකියා තෘප්තිය වරායේ දියුණුවට බොහෝ සේ බලපාන බව මාගේ විශ්වාසයයි. ඒ නිසා ඔබගේ රැකියාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය කටයුතු 2023 වසරේ දී සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.  ඒ වගේ ම නව දැනුම සහිත පිරිසක්නි රන්තරයෙන් අවශ්‍ය වෙනවා.  ඒ නිසා ක්‍ෂෙත‍්‍රයට අදාල නව දැනුම ඔබ වෙත ලබා දී පුද්ගල සංවර්ධනය ඇති කිරීම මාගේ තවත් අරමුණක් වෙනවා.  මේ සියළු දෙයින්ම මා බලාපොරොත්තු වන්නේ වරාය අධිකාරිය ජාත්‍යන්තර තලයේ ඉහළට ම ඔසවා තැබීමට අවශ්‍ය ගුණාත්මක සේවාවක්, ඵලදායී හා කාර්යක්‍ෂම ලෙස ලබා ගැනීමයි.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශ ලේකම් කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, අතිරේක කළමනාකාර අධ්‍යක්‍ෂවරුන් වන සුසන්ත අබේසිරිවර්ධන හා ප‍්‍රභාත් ජයන්ත යන මහත්වරුන් ද, අධක්‍ෂකවරුන්, කොට්ඨාශ ප‍්‍රධානීන්, විධායක නිලධාරීන්, සේවක මහත්ම මහත්මීන්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

විශේෂාංග ඡායාරූප : 2023 වසරේ රාජකාරී ඇරඹුම සනිටුහන් කිරීමේ අවස්ථාවට එක් වූ, වරාය, නාවික හා ගුවන්සේවා ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඞී. බර්නාඞ්, වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය ලේකම් කේ.ඞී.එස්.රුවන්චන්ද්‍ර යන මහත්වරුන් ඡායාරූපයේ වේ.


Leave a Reply

*

16 + ten =