වැඩ නැවති ඇති ජායා පර්යන්තයේ සංවර්ධන කටයුතු කඩිනම් කරන්න අමාත්‍යවරයාගෙන් උපදෙස්

ශ්‍රී ලංකා වරායට පූර්ණ අයිතිය ඇති ඉපැරිණිම පර්යන්තය වන ජායා පර්යන්තයේ පුළුල් කිරිමේ සංවර්ධන කටයුතු නැවති ඇති බැවින් එය වහාම කඩිනම් කරන ලෙස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද දින පෙරවරුවේ උපදෙස් දෙන ලදි. ඒ අමාත්‍යවරයා ජායා පර්යන්තයේ සිදු කරන ලද හදිසි නිරීක්ෂණයකදීය.

එහිදි එම සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු වල ප්‍රමාදයන් ඇති බව පෙන්වාදුන් අමාත්‍යවරයා මුහුද පිරවීමේ සහ පර්යන්තය ඉදිකිරීමේ කටයුතු බාර දී ඇති චීන සමාගම වහාම කැදවා ගිවිසගත් දින වකවානු වලට මෙම ව්‍යාපෘතිය නිම කරන ලෙසට වහාම දන්වන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දෙන ලදි.

දැනට දිගින් මීටර 1260 වන ජායා පර්යන්තය සංවර්ධනය කිරීමෙන් අනතුරුව දිගින් මීටර 1380 වන අතර එවිට මීටර 360 දිග නෞකා දෙකක් එකවර නැංගුරම්ලෑමට  හැකිවනු ඇත.දැනට මෙම ජායා පර්යන්තයේ වසරකට බහාලුම් ලක්ෂ 20 ක් පමණ මෙහෙයුම් කටයුතු සිදුකරන අතර සංවර්ධන කටයුතු නිම කිරිමෙන් පසු තවත් බහාලුම් ලක්ෂ 10 ක් පමණ මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි බව වරාය සේවකයින් අමාත්‍යවරයාට පැවසීය.

මෙම සමස්ත සංවර්ධන කටයුතු සදහා ඇමරිකානු ඩොලර් මිලියන 32 වැයවන අතර මෙම පිරිවැය වරාය අධිකාරියේ ඉතුරුම් වලින් සිදු කිරීම විශේෂත්වයකි .

මෙම ජායා බාහාලුම් පර්යන්තයට සමගාමීව නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම්ද මේ වන විට සිදුවෙමින් පවතින බැවින් ඉදිරි වසර පහ තුලදි කොළඔ වරාය දකුණු ආසියාවේ සුවිශේෂි වරායක් වන බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය අවධාරනය කරයි.

මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යංශ ලේකම් කේ.ඩි.එස්.රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, උප සභාපති ගයාන් අලගියවත්තගේ, ඇතුළු නිළධාරින්ද සියළුම වෘත්තීය සමිති නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක්ද සහභාගි විය.

Leave a Reply

*

13 − 10 =