ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව රු. බිලියන 02ක් රජයේ ඒකාබද්ධ අරමුදල සදහා ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රධානය කිරීම ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රු. බිලියන 01, ගුවන්තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම රු. මිලියන 500 ක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය රු. මිලියන 500 ක් ලෙසින් මෙම අරමුදලට දායකත්වය ලබාදී ඇත.

ගරු වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් මහතා, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි (විශ්‍රාමික), සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල

මූලාශ්‍රය: ජනාධිපති මාධ්‍ය අංශය

Leave a Reply

*

two × 1 =