ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති බංග්ලාදේශ මහකොමසාරිස් හමුවෙයි

පසුගියදා කොළඹ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් මහතා බංග්ලාදේශ මහකොමසාරිස් අතිගරු තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් මැතිතුමා හමුවි ය.

මෙහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා සහ බංග්ලාදේශ මහකොමසාරිස්වරයා අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා චිතගොං වරාය සහ කොළඹ වරාය අතර තවදුරටත් සහයෝගීතාව පවත්වා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන ලදී.

චිතගොං සහ කොළඹ අතර සහසම්බන්ධතාව වැඩිදියුණු කර ගනිමින් කොළඹ වරායට වැඩි බහලු ධාරිතාවක් ආකර්ෂණය කර ගැනීම සඳහා සම්බන්ධතා ජාල වැඩි දියුණු කර ගැනීමට ද මෙමගින් අපේක්ෂා කෙරේ.

ඡායාරූපය:-
බංග්ලාදේශ මහකොමසාරිස් අතිගරු තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් මැතිතුමා(වමේ) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් මහතා(දකුණේ), කොළඹ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඡායාරූපයකට පෙනී සිටි අයුරු.


Leave a Reply

*

six − one =