කොළඹ වරායෙහි ‘‘කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය’’ හෙවත් CWIT පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ වේ

‘‘කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය’’ CWIT හී ඉදිකිරීම් අද දින (09) ආරම්භ කෙරිණි. කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය හෙවත් CWIT කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත(පුද්ගලික) සමාගම CWIT (Pvt) Ltd), ලෙස ස්ථාපිත කොට ඇත.

වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ වරායේ ‘‘කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘති පරිශ‍්‍රයේ දී (CPEP) හිදී මෙම උත්සවය ඉතා චාම් අයුරින් පෙරුවරුවේ දී පැවැත්වි ණි.

මෙම අවස්ථාවේ සිය අදහස් පලකරමින් ‘‘වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කර සිටියේ ‘‘මිත‍්‍ර රාජ්‍යයන් දෙකක් ලෙස ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවය මෙම ව්‍යාපෘතිය හරහා ශක්තිමත් වන බවයි.’’

එමෙන්ම, ශ‍්‍රී ලංකාව වත්මනෙහි මුහුණ දී ඇති ආර්ථීක අර්බුදය විසඳාගැනීම සඳහා වෙනත් කිසිදු මිත‍්‍ර රාජ්‍යයක් නොකල අන්දමේ උපකාරයක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 04ක් ඉන්දියානු රජය අපට ලබා දී තිබේ. මෙම ව්‍යාපෘතිය මගින් ඩොලර් මිලියන 789ක් පමණ ආයෝජනයක් සිදුවීම තුළින් ශ‍්‍රී ලංකාවේ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලැබෙනවා. ඒ වගේම ශ‍්‍රී ලාංකිකයන් සඳහා විශාල රැුකියා ප‍්‍රමාණයක් ද උත්පාදනය වනවා. මේ සියළු කරුණු අනුව මෙම ව්‍යාපෘතිය සඳහා මම සුභ පතනවා’’

CWIT (Pvt) Ltd) සමාගමෙහි සංයුතිය සැලසී ඇත්තේ ඉන්දියාවේ අදානී ජාත්‍යන්තර වරාය ඉදිකිරීම් සමාගම(Adani International port Holding PTE), ශ‍්‍රී ලංකාවේ ජෝන් කීල්ස් ඉදිකිරීම් පුද්ගලික සමාගම (John keels Holdings PLC) හා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය (Sri Lanka Port Authority) යන සමාගම් පිළිවෙලින් 51%, 34% හා 15% ලෙස කොටස් ආයෝජනය කිරීමෙනි.

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය හෙවත් Colombo Port Expansion Project යටතේ ක‍්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය, වරාය තුළ බටහිර දෙසින් ඉදිකිරීමට සැළසුම් කොට ඇති බැවින් ‘‘බටහිර පර්යන්තය’’ ලෙස හැඳින්වේ.

CWIT පර්යන්තයට අමතරව දැනට මෙහෙයුම් සිදුකරන CICT පර්යන්තය ද ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් අඩක් නිමකොට මෙහෙයුම් සිදුකර ECT  පර්යන්තය හෙවත් ‘‘නැගෙනහිර පර්යන්තය’’ ද මෙම ව්‍යාපෘති කලාපය තුළ පිහිටා ඇත.

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා නෞකා පිවිසුම් ඇල මාර්ගය මීටර් 20 කි(Access channel) CWIT පර්යන්තය ඉදිකළ පසු මීටර් 1,400 කින් යුක්ත වන අතර එහි පර්යන්ත අද්දර ගැඹුර මීටර් 20කි. පර්යන්තය හෙක්ටයාර් 65 කින් යුත් අතර එහි වාර්ෂික මෙහෙයුම් ධාරිතාව බහළු (20 සම ඒකක) (TEUs) මිලියන 03කි.

ඉදිකිරීම් සඳහා වන IEE හෙවත් මූලික පාරිසරික තත්ත්වය නිරික්ෂණ වාර්තාව 2022 ජනවාරි 28 වන දින ලබා ගෙන ඇත. BOT එක`ගතාව 2021 වර්ෂයේ සැප්තැම්බර් 30 වන දින අත්සන් තබා ඇත. පර්යන්තය ඉදිකිරීම් සඳහා අවශ්‍ය භූමියේ වැලි පිරවීම ආරම්භය 2022 නොවැම්බර් 09 වන දින (අද දින) සිදු කිරීමට නියමිත අතර කCWIT – 1 හී පළමු මීටර් 800ක දිගින් යුත් පර්යන්ත කොටස 2024 වර්ෂයේ අපේ‍්‍රල් 03 වන  විට අවසන් කිරීමට නියමිතය. CWIT -02 වන අදියර, මීටර් 1400ක දිගින් යුත් පර්යන්තය 2026 වර්ෂයේ මැදභාගය වන විට අවම කිරීමට නියමිත ය.

අද ආරම්භ වන පළමු අදියර යටතේ මීටර් 800ක් යුත් පර්යන්තය ද ඉදිකිරීමට ද අර්ධ ස්වයංක‍්‍රීය පර්යන්ත අද්දර දොඹකර 08ක් මෙහෙයුම් සඳහා යොදා ගැනීමට ද පර්යන්තය තුළ බහළු මෙහෙයුම් සඳහා සම්පූර්ණ ස්වයංක‍්‍රීය පර්යන්ත දොඹකර 18ක් එක් කිරීමට ද, මුළුමනින්ම ස්වයංක‍්‍රීය ගේට්ටු සංකීර්ණයක් ද, OCR හා RFID දත්ත විශ්ලේෂණ  පද්ධතියක් ද ස්ථාපිත කිරීමට නියමිතය. ඒ අනුව එම කොටසහි මිලියන 1.6ක බහළු මෙහෙයුම් ධාරිතාවක් එක්වනු ඇත.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඞී.එස්.රුවන්චන්ද්‍ර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඞී. බර්නාඞ්, නියෝජ්‍ය ඉන්දියානු මහකොමසාරිස් – විනෝද ජාකොබ්, ප‍්‍රධාන විධායක නිලධාරී අදානී පෝර්ට් ඩෙ‍්‍රජින් – කපිතාන් අන්මේෂ් අභ්‍යන්කර්, නියෝජ්‍ය සභාපති ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් – ගිහාන් කුරේ, ප‍්‍රධාන විධායක නිලධාරී කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත පුද්ගලික සමාගම (CWIT (Pvt) Ltd) – හරික‍්‍රිෂ්නන් සුන්දරම් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිය හ.

උත්සවය අතරතුර අපගේ කණ්ඩායම විසින් විශේෂාංග ජායාරූප ලබාගන්නා ලදි.

Leave a Reply

*

nineteen + 19 =