ECT පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින් නියමිත කාලවකවානු වලට නිමකරන ලෙස වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
අද දින(2022/10/27) කොළඹ වරායෙහි නැගෙනහිර පර්යන්තයේ (ECT) හී සිදුකල නිරික්ෂණ සංචාරය අවසානයේ දී අමාත්‍යාතුමන් විසින් මෙම උපදෙස් ලබාදෙන ලදී.
මෙම නිරික්ෂණ සංචාරය සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ කළමණාකාරීත්වය, ව්‍යාපෘති ඉංජිනේරුවන්, මෙහෙයුම් නිලධාරීන් හා වෘත්තීය සමිති යන සෑම ක්‍ෂේත‍්‍රයකම පිරිස් සහභාගී වී සිටි අතර, ඉදිරි වැඩ පිළිවෙල සැකසීම සඳහා සියළු දෙනාගේ අදහස් හා යෝජනා වඩාත් ඵලදායී ලෙස යොදා ගන්නා ලෙස ද අමාත්‍යතුමන් මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.
කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය (CPEP) යටතේ ඉදිකිරීම් ආරම්භ වූ නැගෙනහිර පර්යන්තයේ (ECT) ඉදිකොට ඇති සම්පූර්ණ පැති බැම්මේ දිග මීටර් 570කි. එහි මීටර් 440 කින් යුතු නැංගුරම්පොලක් ඇති අතර මේ වන විට එහි විශාල ප‍්‍රමාණයේ නෞකාවන් මෙහෙයවීමේ හැකියාව තිබේ. පර්යන්ත අද්දර ගැඹුර මීටර් 18 සිට 20 දක්වා වන බැවින් දැනට ලෝකයේ නිෂ්පාදිත ඕනෑම ප‍්‍රමාණයේ නෞකාවක් මෙහෙයවීමේ හැකියාව ද පර්යන්තය සතුය. මෙහි ඉදිකිරීම් කටයුතු 2025 වසරේ ජනවාරී මස අවසන් වීමට නියමිතය.
මෙම නිරික්ෂණ චාරිකාව සඳහා වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඞී.එස්.රුවන්චන්ද්‍ර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඞී. බර්නාඞ්, උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ (තාක්ෂණ) සුසන්ත අබේසිරිවර්ධන, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ(වැ.බ.) (පරිපාලන) ප‍්‍රභාත් ජේ. මලවිගේ යන මහත්වරුන් ඇතුළු අධ්‍යක්‍ෂවරුන්, කොට්ඨාශය ප‍්‍රධානීන්, විධායක නිලධාරීන් හා වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීය.
උත්සවය අතරතුර අපගේ කණ්ඩායම විසින් විශේෂාංග ජායාරූප ලබාගන්නා ලදි.


