කොළඹ වරාය 2022 GPF සම්මාන දිනා ගනී.

‘වසරේ වරාය අධිකාරිය’ සහ ‘2022 වසරේ හොඳම පොදු බහාලුම් පර්යන්තය’ යන සම්මානයන්ගෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිදුම් ලබයි.

2022 සැප්තැම්බර් 28 වන දින ඩුබායි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති හයවන The Global Ports Forum (GPF) 2022 සම්මාන උළෙලේදී, කොළඹ වරාය සම්මාන දිනාගත් අතර එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) “වසරේ වරාය අධිකාරිය” ලෙසත්, “2022 වසරේ හොඳම පොදු බහාලුම් පර්යන්තය” ලෙස රජය සතු ජය බහලු පර්යන්තයත් (JCT) GPF සම්මාන දිනා ගත්තේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ උපුල් ජයතිස්ස මහතා සහ අධ්‍යක්ෂ මෙහෙයුම් ඩී.එල්.ආර් වීරසිංහ මහතා විසින් එම සම්මාන ලබා ගන්නා ලදී.

The Global Ports Forum (GPF) සම්මාන ප්‍රධානයෙහි අරමුණ වන්නේ වරාය සහ පර්යන්ත කර්මාන්තයේ විවිධ ක්ෂේත්‍ර සදහා විවිධ සංවිධාන සහ වෘත්තිකයන් විසින් සිදුකරන ලද වටිනා දායකත්වය හඳුනා ගැනීම සහ විවිධ කාණ්ඩවල ඔවුන්ගේ භූමිකාවන් සහ ජයග්‍රහණ ඇගයීමයි.

2008 වර්ෂයේදී  සිංගප්පූරුවේ කොස්මොපොලිටන් ගෝලීය වරාය නගරයෙන් ගනුලැබූ ව්‍යවසායකත්ව තීරණයකට අනුව ගෝලීය වරාය සංසදය (GPF) පිහිටුවා ගන්නා ලදි. ගෝලීය වරායන් වැඩිදියුණු කිරීමට  කැපවීම සහ වරාය පරිසර පද්ධතියේ සාමාජිකයින් අතර සහයෝගීතාවයෙන් ගෝලීය වශයෙන් වරායවල අවශ්‍යතා වැඩිදියුණු කිරීම අඛණ්ඩව සිදු කිරීම අරමුණු කරගනිමින් මෙම සම්මාන උළෙල වාර්ෂිකව GPF විසින් සංවිධානය කරනු ලැබේ.

Global Ports Forum (GPF) විසින් ලැබුණු නාමයෝජනා මත පදනම්ව මෙම සම්මාන ප්‍රදානය කරනු ලබන අතර පෙර වසර තුළ කර්මාන්තය පුරා සිටින සංවිධාන සහ වෘත්තිකයන් විසින් සිදු කරන ලද වැදගත් දායකත්වයන් සහ ජයග්‍රහණද මෙහිදී සැලකිල්ලට ගනු ලබයි.

උත්සවය අතරතුර ලබාගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල

Leave a Reply

*

20 + 3 =