KOICA නියෝජිතයින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැමිණේ

කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (KOICA) නියෝජිතයින් පසුගියදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවිය. මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් යෝජනා කරන ලද නව්‍ය ව්‍යාපෘති කිහිපයකට සහය දැක්වීමට KOICA එකඟ විය. රජයේ ආධාර සහ තාක්ෂණික සහයෝගීතා වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා දකුණු කොරියාව විසින්  සිදුකරනු ලබන ආධාර වැඩසටහන් වල සඵලතාවය උපරිම කිරීම සඳහා  1991 අප්‍රේල් 1 වන දින රජයේ ආයතනයක් ලෙස KOICA ආරම්භ කරන ලදි .

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල

Leave a Reply

*

9 + seventeen =