“One” බහාලුම් ප්‍රවාහන සහ නැව් සමාගම කොළඹ හරහා පෝෂක නැව් සේවාවක් දියත් කරයි.

සිංගප්පූරු බහාලුම් ප්‍රවාහන සේවාවක් වන Ocean Network Express (ONE) සමාගම ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නව පෝෂක නැව් සේවාවක් ආරම්භ කරන බව නිවේදනය කර ඇත.

නව සේවාවේ වරායන් අතර සංක්‍රමණ ක්‍රියාවලිය පහත පරිදි වේ.
හසිරා (ඉන්දියාව) – කොළඹ (ශ්‍රී ලංකාව) – සිංගප්පූරුව

නව පෝෂක නැව් සේවාව සතිපතා සිදුකිරීමට නියමිත බවත් එය 2022 සැප්තැම්බර් 10 වන දින සිට ආරම්භ වන බවත් ONE බහාලුම් ප්‍රවාහන සහ නැව් සමාගම පැවසීය.

ඡායාරූපය: Tan Cang/ Ocean Network Express Pte. Ltd.

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල

Leave a Reply

*

1 × 2 =