ශ්‍රී ලංකා වරාය අධිකාරියට විධිමත් බදවා ගැනීමේ පටිපාටියක්.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පවතින නිළධාරී, සේවක නව බඳවා ගැනීම් සිදු කිරීමේදී අනුගමනය කරනු ලබන බඳවා ගැනීම් පටිපාටියේ ඇති දුබලතා හඳුනා ගෙන ශ්‍රී ලංකා වරාය අධිකාරියට අනන්‍ය වු විධිමත් බඳවා ගැනීමේ පටිපාටියක අවශ්‍යතාවය කළමණාකරණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන කඩිනමින් එම කාර්යය ඉටු කරන ලෙස අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දෙමින් එම දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත උපදෙස් ලබා දී තිබුණි.

එම උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුකූලව එම විධිමත් බඳවා ගැනීමේ පටිපාටියක් 2022 මාර්තු 31 වන දිනට පෙර සකස් කිරීමේ වගකීම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රශාන්ත ජයමාන්න මහතා විසින් අධිකාරියේ අධ්‍යක්ෂක (මානව සම්පත් සංවර්ධන) නලීන් අපොන්සු මහතා වෙත භාර දී තිබුණි.

ප්‍රධාන මානව සම්පත් කළමණාකරු යූ .කුමාර මහතාගේ ඍජු අධීක්ෂණයෙන් නියෝජ්‍ය ප්‍රධාන කළමණාකරුවන් සිව් දෙනාගේ නියෝජනය සහිත කණ්ඩායමක් විසින් මෙම භාරධූර කාර්යය ආරම්භ කර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂකතුමන්ගේ සිට විවිධ මට්ටමේ නිළධාරීන්, සේවක කණ්ඩායම් සමග සාකච්ජා කරමින් ඉතා කැපවීමෙන් එම කාර්යය ඉටු කර නියමිත දිනට සභාපතිතුමන් වෙත පිලිගැන්වූවේය. එම භාරධූර කර්තව්‍යය නිසි පරිදි, නිශ්චිත කාලය තුළ ඉටුකිරීම පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිිකාරියේ සභාපතිතුමන්ගේ විශේෂ ප්‍රශංසාව එම කර්තව්‍යට සහභාගි වූ සියලු දෙනා වෙත හිමි විය.

Leave a Reply

*

five × four =