එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් (දේශපාලන) වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පසුගියදා කොළඹ වරායේ විශේෂ සංචාරයක නිරත විය. කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නාවික මෙහෙයුම් මැදිරියට පැමිණි ඇය එහි සිට කොළඹ වරාය නිරීක්ෂණය කළාය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය අතිගරු ජූලි ජේ චන්ග් මහත්මිය ද එක්ව සිටියාය.

සංකේතවත් කරමින් එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් (දේශපාලන) වික්ටෝරියා නූලන්ඩ්
මහත්මිය වෙත සමරුඵලක ප්‍රදානය කරන අවස්ථාව.