ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය(IMO) සමුද්‍රීය ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන් සදහා ජාත්‍යන්තර දිනයක් නියම කරයි.

සෑම වසරකම මැයි 18 වන දින සැමරීමට, සමුද්‍රීය කාන්තාවන් සඳහා ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව IMO සභාව විසින් සම්මත කර ඇත.

සභාව එහි 32 වැනි සැසිවාරය සඳහා දෙසැම්බර් 6 සිට 15 දක්වා රැස්වේ.

මෙම උත්සවය සමුද්‍රීය ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන් සමරනු ඇති අතර සමුද්‍රීය ක්ෂේත්‍රයට කාන්තාවන් බඳවා ගැනීම, රඳවා තබා ගැනීම සහ තිරසාර රැකියා ප්‍රවර්ධනය කිරීම, සමුද්‍රීය කාන්තාවන්ගේ පැතිකඩ ඉහළ නැංවීම, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කය 5 (ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය) සඳහා IMO හි කැපවීම ශක්තිමත් කිරීම සහ සමුද්‍රීය ක්ෂේත්‍රය තුල දැනට පවතින ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවය ආමන්ත්‍රණය කිරීම සඳහා සහයෝගය දැක්වීම අපේක්ෂා කෙරේ.

මෙම යෝජනාව සමුද්‍රීය ක්ෂේත්‍රයේ සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ යෙදීමට බලාපොරොත්තුව සිටින අනෙකුත් සියලුම දෙනාට සමුද්‍රීය කාන්තාවන් සඳහා වන ජාත්‍යන්තර දිනය වඩාත් උචිත සහ අර්ථවත් ආකාරයකින් ප්‍රවර්ධනය කිරීමට සහ සැමරීමට IMO සාමාජික රටවලට ආරාධනා කරයි.

IMO මහලේකම් කිටැක් ලිම් මෙසේ පැවසීය: “මෙම දිනය සමුද්‍රීය කාන්තාවන් සඳහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ SDG 5 සාක්ෂාත් කර ගැනීමට තවදුරටත් උත්සාහ කරනු ඇත. එය සමුද්‍රීය කාන්තාවන් සවිබල ගැන්වීමේ 2019 තේමාව සහ 2019 දී සම්මත කරන ලද සභා යෝජනාවට පරිපූර්ණ පසු විපරම් ක්‍රියාවකි. සියලුම කාන්තාවන්ට නාවික ගමනාගමනය සහ නැව් තැනීම ඇතුළු සමුද්‍රීය ප්‍රජාවේ ක්‍රියාකාරකම් සඳහා පූර්ණ, ආරක්ෂිත සහ බාධාවකින් තොරව සහභාගී විය හැකි පරිදි, කාන්තාවන් සඳහා බාධක රහිත පරිසරයක් සාක්ෂාත් කර ගැනීම සඳහා සාමාජික රටවල් එක්වීම ගැන මම සතුටු වෙමි.”

සමුද්‍රීය කාන්තාවන් සඳහා ජාත්‍යන්තර දිනයක් පිහිටුවීමේ යෝජනාව 2021 සැප්තැම්බර් මාසයේදී IMO හි තාක්ෂණික සහයෝගීතා කමිටුව (TC) විසින් අනුමත කරන ලද අතර පසුව 2021 නොවැම්බර් මාසයේදී IMO කවුන්සිලය විසින් අනුමත කරන ලදී.

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල

Leave a Reply

*

2 × three =