වරාය අධිකාරියේ සභාපතිතුමාගේ ප්‍රකාශයට වැරදි අර්ථදැක්වීමක් ලබා දීම සම්බන්ධයෙනි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා විසින් සඳහන් කරනු ලැබූ ප්‍රකාශයකට වැරදි අර්ථකතනයක් ලබා දීමට  ඇතැම් සහෝදර ජනමාධ්‍ය ආයතන කටයුතු කොට ඇති බව අපට නිරීක්ෂණය විය.  මෙය සභාපතිතුමාගේ අදහස නිවැරදිව තේරුම් ගැනීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලයකි. 

තම ජීවිතයේ කිසිම අවස්ථාවක ශ්‍රී ලංකාවේ කිසිදු බිම් අඟලක් විදේශයකට හෝ විදේශයක් නියෝජනය කරන වෙනත් පාර්ශවයකට කුමන ආකාරයකින් හෝ පැවරීමට කිසිම අවස්ථාවක ඍජුව හෝ අනියමින්, වචනයකින් හෝ සහයෝගයක් ලබා දී නැති බව සභාපති ජෙනරාල් රත්නායක මහතා තම ක්‍රියාවෙන් ඔප්පු කොට ඇත. 

ශ්‍රී ලංකාවේ මානව සහ භෞතික සංවර්ධනය සඳහා පවතින ඇතැම් ව්‍යාකූල සමාජීය අභියෝග ගැඹුරු ලෙස විමසා බැලීමේදී ඉදිරිපත් කරනු ලබන සාධනීය විශ්ලේෂණ වල වචන මතුපිටින් අවබෝධ කරගෙන ඒවාට වැරදි අර්ථ නිරූපණ ලබාදීම නිවැරදි නොවන බව අපි විශ්වාස කරමු.

සන්නිවේදන හා මහජන සම්බන්ධතා කොට්ඨාශය – ශ්‍රී ලංකා වරාය අධිකාරිය


Leave a Reply

*

two × 1 =