ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොවිඞ් මර්දනය සඳහා වූ නව මාර්ගෝපදේශය එළිදකියි

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් හඳුන්වා දෙනු ලැබූ කොවිඞ් 19 රෝගය වැළක්වීමේ මාර්ගෝපදේශයේ දෙවැනි සංස්කරණය පසුගිය ජනවාරි 13 වැනි දින එළි දක්වනු ලැබී ය. පිටු විසි අටකින් සමන්විත මෙම මාර්ගෝපදේශය මගින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සේවා ස්ථාන වල කොවිඞ් 19 රෝගය ව්‍යාප්තවීම වැළක්වීමට  අවශ්‍ය පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා  අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇත. මෙහි පළමු සංස්කරණය පසුගිය වසරේ මැද භාගයේ දී එළිදක්වනු ලැබිණි. 

නව සංස්කරණයේ පිටපත්  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක, උප සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න, සහ කළමණාකාර අධ්‍යක්‍ෂ ඒ.ඩී.ඒ.එස්. ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීන් වෙත  භාරදෙනු ලැබී ය. එසේ ම මෙම නව මාර්ගෝපදේශයේ පිටපත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ආරම්භ කොට ඇති කොවිඞ්-19 වැළක්වීමේ ක්‍රියාකාරී කමිටුවට අයත් සාමාජිකයින් අතර ද බෙදා හරිනු ලැබී ය. කොළඹ වරායේ මෙහෙයුම් සහ සේවා සැපයුම් සඳහා සහභාගී වන සියලුම පාර්ශවයන් ගෙන් සමන්විත  කොවිඞ්-19 වැළක්වීමේ ක්‍රියාකාරී කමිටුව කොළඹ වරාය ඇතුළු දිවයිනේ අනෙකුත් වරායන් තුළ කොවිඞ් -19 රෝගය පාලනය කිරීමට අවශ්‍යය කටයුතු රාශියක් ක්‍රියාවට නංවා ඇත.  

මෙලෙස හඳුන්වාදෙනු ලැබූ කොවිඞ් 19 රෝගය වැළක්වීමේ මාර්ගෝපදේශයේ දෙවැනි සංස්කරණයෙහි පිටපත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල වෙබ් අඩවි වන www.slpa.lk  සහ news.slpa.lk  වලට පිවිසීමෙන් ලබාගත හැකි ය. 

ඉහළ ඡායාරූපය : ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂ (මානව සම්පත් සංවර්ධන) නලින් අපොන්සු ප්‍රධාන කළමනාකරු (සන්නිවේදන හා මහජන සම්බන්ධතා) චිත්‍රාල් ජයවර්ණ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (සන්නිවේදන හා මහජන සම්බන්ධතා) නිලන්ත ඉලංගමුව මහත්වරුන් විසින් කොවිඞ් 19 රෝගය වැළක්වීමේ මාර්ගෝපදේශයේ දෙවැනි සංස්කරණයේ පිටපතක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා වෙත ලබාදුන් අවස්ථාව. 

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂ (මානව සම්පත් සංවර්ධන) නලින් අපොන්සු ප්‍රධාන කළමනාකරු (සන්නිවේදන හා මහජන සම්බන්ධතා) චිත්‍රාල් ජයවර්ණ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (සන්නිවේදන හා මහජන සම්බන්ධතා) නිලන්ත ඉලංගමුව මහත්වරුන් විසින් කොවිඞ් 19 රෝගය වැළක්වීමේ මාර්ගෝපදේශයේ දෙවැනි සංස්කරණයේ පිටපතක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා වෙත ලබාදුන් අවස්ථාව.

Leave a Reply

*

two × 1 =