කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු විදිමත්ව පවත්වා ගෙන යෑම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ උපරිම සහයෝගය ලැබේ. එහි තවත් එක් ප්‍රධාන පියවරක් ලෙස කොවිඩ්-19 අධි වසංගතය හේතුවෙන් සිදුවිය හැකි යැයි අනුමාන කරන අපහසුතා මගහරවා ගෙන වරායේ කටයුතු කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍යය සහයෝය ලබාදීමේ සම්බන්ධීකරණ කටයුතු සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ සංවර්ධන දිසාව භාරව කටයුතු කරන නියෝජ්‍යය පොලිස්පති ඩි.එම්.එම්. පුස්සැල්ල මහතා පත් කොට තිබේ. වැඩබලන පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා විසින් මෙම පත්කිරීම සිදුකොට ඇති අතර ඒ බව ශ්‍රී ලංකා වරායේ අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාට දැනුම් දී තිබේ.
නියෝජ්‍ය පොලිස්පති ඩි. එම්. එම්. පුස්සැල්ල මහතා සමග 0718592649 හෝ 0112447926 හෝ 0112447905 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකිය




















