පොහොර රැගත් නෞකා කොළඹ වරායට

පොහොර හිඟය හේතුවෙන් කෘෂි වැවිලි ක්‍ෂේත්‍රයන්හි දැඩි අපහසුතාවයට පත්ව සිටින ගොවීන් වෙත සහන සැලසීමේ අරමුණෙන් ආනයනය කරන ලද පොහොර ටොන් 64,500ක් රැගත්, චීනයේ සිට පැමිණි නෞකා 2ක් කොළඹ වරාය ට  අද ( නොවැම්බර් 4, 2020) සේන්දු විය. 

කොළඹ වරායේ සමගි පර්යන්තයට පැමිණි Long Shore නෞකාව පොහොර ටොන් 31,500 ක් රැගෙන පැමිණි අතර නව උතුරු පාලම වෙත පැමිණි Pola-Indian නෞකාව පොහොර ටොන් 33,000 ක් රැගෙන පැමිණෙන ලදි.  Long Shore නෞකාව 2010 දී ඉදිකරන ලද අතර පැනමාවේ ධජය යටතේ යාත්‍රා කරන අතර Pola-Indian නෞකාව 2014 දී ඉදිකරන ලද අතර මෝල්ටාවේ ධජය යටතේ යාත්‍රා කරයි.

අර්බුදකාරී කොරෝනා අධි වසංගත තත්ත්වය හමුවේ වුවද කඩිනමින් ප්‍රශස්ත ලෙස සිය සාම්ප්‍රදායික නැව්බඩු මෙහෙයුම් ඉටු කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කරනු ලබයි. 

Leave a Reply

*

one + thirteen =