සෑම විටම අපේ ප්‍රමුඛත්වය ඔබ සියලුම දෙනාගේ සෞඛ්‍යාරක්ෂාවයි – කොළඹ නැව් තටාංගනය

කොවිඩ්-19 වසංගත තත්වයට මුහුණ දීමේදී ආයතනය ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කොළඹ නැව් තටාංගනය විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍යය නිවේදනය.

ආයතනයක් වශයෙන් අප සෑම විටම අපගේ සේවක මහත්ම මහත්මීන්ගේ පමණක් නොව ආයතනයේ ගනුදෙනුකරුවන් ඇතුලු අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සඳහා සෑම විටම ප්‍රමුඛත්වය ලබා දෙයි. කොවිඩ්-19 වසංගත අවදානම මෙරටට ඇතුලු වූ පළමු අවස්ථාවේ සිට ඉතා ඉහළ අවධානයකින් කටයුතු කරමින් සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදයන් උපරිම වශයෙන් අනුගමනය කිරීමට අප කටයුතු කළ අතර පසුගිය ඔක්තෝබර් 04 වන දින සටි නැවත ඉහළ ගිය කොවිඩ්-19 අවදානම හමුවේ අප එතෙක් අනුගමනය කළ සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද තව දුරටත් තර කළ අතර අහඹු ලෙස සිදු කරනු ලබන ඡක‍ඍ පරීක්ෂණ සංඛ්‍යාව ද ඉහළ නංවන ලදී.

ඔතෝම්බර් මස 15 සහ 16 යන දෙදින තුළ සිදුකරන ලද අහඹු PCR පරීක්ෂණ වලින් ලැබුණු ප්‍රතිඵල අනුව අප ආයතනයේ සේවක මහත්වරුන් දෙදෙනෙකුට මෙම රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර ඔවුන් කොවිඩ්-19 අසාදිතයන් කිහිප දෙනෙකු හමු වූ බවට ඊට පෙර හඳුනාගත් මතුගම කොළඹ බස් රථයේ මෙම සේවක මහතුන් ගමන්ගෙන තිබූ බව අනාවරණය විය.

කෙසේ වෙතත් අද දිනය වන විට PCR පරීක්ෂන වලට භාජනය කළ 600 කට අධික සේවක පිරිසක් අතරින් සේවක මහතුන් 31 දෙනෙකුට කොවිඩ්-19 රෝගය ආසාදනය වී ඇති අතර ඔක්තොබර් මස 19 සහ 20 යන දෙදින තුළ සදුි කළ තවත් PCR පරීක්ෂණ 900 ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇත.

අපගේ ආසාදිත සේවක මහතුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් යුතුව තවදුරටත් ප්‍රතිකාර ලබබමින් පසු වන අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් නියමිත සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසීන් යටතේ නිරෝධායනය වෙමින් සිටී. එමෙන්ම මෙම සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධන අවශ්‍යතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ආයතනය විසින් මේ වන විට ගෙන තිබේ.

තවද මේ වන විට ආයතන පරිශ්‍රය මුලුමනින්ම විශබීජහරණයට ලක් කර ඇති අතර තවදුරටත් ඉදිරි සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පහසුවනු පිණිස ඔක්තොබර් මස 17 වන දින සිට ආයතනයේ අත්‍යාවශ්‍ය සේවා හැරුණු විට සෙසු නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

එමෙන්ම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම ඇතුලු සෙසු සියලුම ක්‍රියාමාර්ගයන් රජයේ සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි සිදු කෙරෙමින් පවතින අතර ඒ සඳහා රජයට අවශ්‍ය උපරිම සහයෝගය ආයතනය විසින් ලබා දෙමින් තිබේ.

කෙසේ වෙතත් රජයේ සෞඛ්‍ය නිර්දේශ ලැබෙන පරිදි ඔක්තොබර් මස 22 වන දින සිට සීමිත ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට ආයතනය දැනට බලාපොරොත්තු වේ. තවද සමාජයට මෙම රෝගය බෝවීම වළක්වනු පිණිස ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ආයතනය විසින් ගනු ලබමින් සිටින අතර නිරෝධායන කටයුතු සඳහා වන හෝටල් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් අවශ්‍ය පරිදි ලබා දීමට ආයතනය කටයුතු කරමින් පවතී.

සමාජයට උපරිම ලෙස වගකියන ආයතනයන් ලෙස අපගේ සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් පමණක් නොව අපගේ ගනුදෙනුකරුවන් සහ අදාළ පාර්ෂව මෙන්ම සමස්තයක් ලෙස අප රටෙහිම සමස්ත පුරවැසියන්ගේ යහපත් සෞඛ්‍ය ආරක්ෂාව පිණිස අප උදක්ම කැපවන්නෙමු. එබැවින් මෙම අසීරු අවස්තාවේදී අවබෝධයෙන් යුතුව අපට සහයොගය ලබා දෙන ලෙස අපි ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

කොළඹ නැව්තටාංගනය
ඔක්තෝම්බර් 21, 2020

Leave a Reply

*

five × 4 =