ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කිසිවෙකුට කොවිඩ් නෑ – සභාපති

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන කිසිවෙකුට කිසිවෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී නොමැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි. අද (19) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එසේම කොළඹ වරායේ සියලුම මෙහෙයුම් සහ අනෙකුත් කටයුතු සුපුරුදු පරිදි කිසිඳු බාධාවකින් තොරව සිදුවන බව ජෙනරාල් රත්නායක මහතා සඳහන් කළේය.

වරාය තුළ විවිධ ආයතන රැසක් පවතින බවත්, එවැනි එක් ආයතනයක පුද්ගලයින් පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි ද පැවසු ජෙනරාල් දයා රත්නායක මහතා, ඔවුන් සමග සම්බන්ධතාවයක් ඇති නොවන ලෙස මේ වනවිට සියලු කටයුතු සිදුකර ඇතැයි ද පැවසීය.

වරාය අධිකාරියේ සේවකයින් විශාල වශයෙන් කැපවී සෞඛ්‍ය උපදෙස් පිළිපදින බව පැවසු ඒ මහතා, නිරන්තරයෙන් ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් කියා සිටියේය.

මේ අතර ඊයේ ( ඔක්තෝම්බර් 18 වැනිදා) දිනයේදී ජෙනරාල් රත්නායක මහතා වරාය අධිකාරියේ බහලුම් මෙහෙයුම් සිදු කෙරෙන පර්යන්ත සහ අනෙකුත් කොට්ඨාශ කිහිපයක සංචාරය කරමින් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කරනු ලැබීය.

එහිදී, කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කොට ඇති සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අකුරටම පිළිපැදීමේ වැදගත්කම හෙතම යළිත් අවධාරණය කළේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් රත්නායක මහතා වරාය අධිකාරියේ මෙහෙයුම් සිදුවන අයුරු පරික්ෂා කරමින්
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් රත්නායක මහතා වරාය අධිකාරියේ මෙහෙයුම් සිදුවන අයුරු පරික්ෂා කරමින්

Leave a Reply

*

9 − 9 =