රාජ්‍ය අමාත්‍යය කනක හේරත් සහ ජර්මානු දූතපිරිස අතර හමුව


තිරසාර ප්‍රවාහාන පද්ධතියක් ඇතිකිරීම සහ වරාය ආශ්‍රිත ප්‍රවාහන පද්ධතිය කාර්යක්ෂම කිරීමට මෙන්ම වරායේ කටයුතු පූරණ වශයෙන් ඩිජිටල්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට එම දූත පිරිස කැමැත්ත පල කළහ.

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නැංවීම සහ වරාය ආශ්‍රිතව ප්‍රවාහනය මෙන්ම ඩිජිටල්කරණය පිළිබඳව සාකච්ඡා කිරීමට ජර්මානු රාජ්‍ය ධූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියෝය.

ඔවුහු අද උදෑසන වරාය සංවර්ධන කටයුතු පිළිබඳ ගරු රාජ්‍යය අමාත්‍යය කනක හේරත් මහතා මුණගැසී සාකච්ඡා කළෝය. තිරසාර ප්‍රවාහාන පද්ධතියක් ඇතිකිරීම සහ වරාය ආශ්‍රිත ප්‍රවාහන පද්ධතිය කාර්යක්ෂම කිරීමට මෙන්ම වරායේ කටයුතු පූරණ වශයෙන් ඩිජිටල්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට එම දූත පිරිස කැමැත්ත පල කළහ.

මේ අවස්තාව සඳහා වරාය සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍යය අමාත්‍යංශයේ ලේකම් කේ.එන්. කේ. සෝමරතන මෙනවියද එක් වූවාය. ජර්මානු දූත පිරිස නියෝජනය කරමින් ෆිලික්ස් කසිස්කේ ( Felix Kasiske), ඇන්ඩර්ස් හෙර්ජ්රෝඩර් ( Andres Hergenrother) සහ රාජ්‍යය අමාත්‍යය ස්ටීවන් හේසේල්මන් ( Stephan Hesselmann) එක්වූහ.

Leave a Reply

*

1 × 5 =