සාමුහික කැපවීම වරායේ හෙට දවස ගොඩ නැංවීමට ශක්තියක් – ජොන්ස්ටන් ප‍්‍රනාන්දු

රටේ ආර්ථිකය ශක්තිමක් කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ තුළ, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතුව සුවිශේෂි කාර්යභාරයක් හිමිව ඇත

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය 2020 වර්ෂය සඳහා වැඩ ඇරඹුම සර්ව ආගමික කටයුතු වලට මුල්තැන දෙමින් පැවැත්විණි. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සම්බුද්ධ ජයන්ති චෛත්‍ය පරිශ‍්‍රයේ දී රාජ්‍ය සේවයේ ප‍්‍රතිඥාව කියවා, රජය ගෙන යන වැඩ පිළිවෙළට දිවුරුම් දෙමින්, ඇරඹි මෙම උත්සව අවස්ථාවේ සභාව ඇමතු වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා, ‘‘2020 වසර ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සැමට සුවිශේෂි බවත්, පසුගිය පාලන සමය තුළ වරායේ අභාග්‍ය සම්පන්න පරිපාලනය තුළින් ගත් තීන්දු තීරණ ජාතික ආර්ථිකය බිඳ දැමීමට සෘජු ලෙසින්ම බලපෑ බව පැවසී ය.

තවද, රට ගොඩනංවන නව රජයේ සංවර්ධන ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීමෙහිලා වරාය සතුව සුවිශේෂි වගකීමක් පවතින බවත්, සියලූ සේවක මහත්ම මහත්මීන්ගේ කැපවීම ආයතනයේ හෙට දවස ගොඩනැංවීමට ශක්තියක්ම වන බැව් තමා විශ්වාස කරන බවත් පැවසී ය.

එමෙන්ම, රණවිරුවන් දෙලක්‍ෂ දසදහසකට නායකත්වය ලබාදුන් නායකයකු වරාය සභාපති ධූරයේ කටයුතු කිරීම තුළ වරායේ හෙට දවස ශක්තිමත් කිරිමට අඩිතාලමක් වන බැව් ද පැවසී ය.

මෙහිදි උත්සව සභාව ඇමතු වරාය සංවර්ධන රාජ්‍ය ගරු අමාත්‍ය කනක හේරත් මහතා, ‘‘අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේත්, අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේත් අපේක්‍ෂා සඵල කරමින්, රටේ ආර්ථිකය ශක්තිමක් කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ තුළ, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතුව සුවිශේෂි කාර්යභාරයක් හිමිව ඇති බවත්, සියලූ පාර්ශවයන්ගේ එක්සත් භාවයෙන් යුතුව ඉලක්ක ජය ගැනීමට කටයුතු කළ යුතු බැව් පැවසී ය’’.

වරාය සංවර්ධන කටයුතු ගරු රාජ්‍යය අමාත්‍ය කනක හේරත් මහතා උත්සව සභාව අමතමින්

මෙම උත්සව සභාව ඇමතු ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ගරු සභාපති ජෙනරල් දයා රත්නායක මහතා අදහස් දක්වමින් ‘‘සමස්ථ දේශයම, ආකල්පමය වශයෙන් අලූත් රටක්, නව දැක්මක් පිළිබඳ පිබිදීමෙන් බලා සිටින අවස්ථාවක් කරා අප එළඹ ඇති බැව් පැවසීය. අලූත් අවුරුදු උදාව නැවුම් අපේක්‍ෂා සමගින් පිළිගැනීමට සැරසෙන ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ථ කාර්යමණ්ඩලය සමග එක්වීමට ලැබීම පිළිබඳ බෙහෙවින් සතුටට පත්වන බව ත්, තමා එය කිසිසේත් අපේක්‍ෂා නොකළ බව ත්, අවධාරණය කළේ ය.

වරාය අධිකාරිය නම් වූ ජාතික ආර්ථිකය බලගන්වන ආයතනය මෙන්ම, එහි සේවක මහත්ම මහත්මීන් ද සුවිශේෂි වන බවත්, සේද මාවතේ විශිෂ්ටතම සේවා සපයන්නා බවට පත්වීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය යන ගමනේ දී සියලූ දෙනාම එකාවන්ව අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතු බැව් හෙතෙම පැවසී ය. ජාතික නායකත්වය අද සෞභාගයේ දැක්ම කේන්ද්‍රගතව සෘජු තීන්දු තීරණ සහිතව රටක් සමාජයක් සමෘද්ධිමත් කිරීමට ඇප කැප වී සිටියි. 2020 තුළ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ඉලක්ක අතර කොළඹ දකුණ වරාය සංවර්ධන ව්‍යාපෘතිය වේගවත් කිරීම, ප‍්‍රාදේශීය වරායයන් ලාභ උපයන වරායයන් බවට පත් කිරීම, සේවක වෘත්තීය සංතෘප්තිය ආරක්‍ෂා කිරීම ඇතුළු ඉලක්ක රැසක් පවතී.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ගරු සභාපති ජෙනරල් දයා රත්නායක මහතා උත්සව සභාව අමතමින්

මෙම උත්සව අවස්ථාව සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම් ප‍්‍රියන්ත මායාදුන්නේ, කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා ඇතුළු අධ්‍යක්‍ෂකවරුන්, කොට්ඨාශ ප‍්‍රධානීන් විධායක නිලධාරී මහත්ම මහත්මීන් හා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණි නිලධාරි මහත්ම මහත්මින් වෘත්තීය සංගම් නියෝජිතයන් සහ සේවක මහත්ම මහත්මීන් රැුසක් එක්ව සිටිය හ.

2020 වසර සඳහා වැඩඇරඹීමේ උත්සව අවස්ථාවට සමගාමීව රුක්රෝපන වැඩසටහනක් ද දියත් කෙරුණි.

රාජ්‍ය සේවා ප‍්‍රතිඥාව කියවමින්

Leave a Reply

*

nineteen + sixteen =