“බෙයිජිං බි‍්‍රජ් නෞකාව” කොළඹ වරායට පැමිණෙ යි.

AGL නෞකා ජාලයට අයත් ‘‘බෙයිජිං බි‍්‍රජ්’’ (MV Beijing Bridge) නෞකාව පසුගියදා (2019.02.13) කොළඹ වරාය වෙත සිය ප‍්‍රථම ආගමනය සිදු කළා ය. එය, කොළඹ වරායේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් JCT පර්යන්තය වෙත පැමිණෙන ලදී.

නෞකාවේ ප‍්‍රථම ආගමනය සනිටුහන් කරමින්, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ, උපාලි ද සොයිසා හා නෞකාවේ කපිතාන් රෝධී බාජ්කොමා (Rodie Barcoma) යන මහත්වරුන් අතර සමරුඵලක හුවමාරුවක්ද සිදු විණි.

මෙම අවස්ථාවේ සිය අදහස් ප‍්‍රකාශ කරමින් අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ දැනට කොළඹ වරායේ ක‍්‍රියාත්මක පර්යන්ත අතර එකඟතා ගිවිසුම හේතුවෙන් නෞකාවන් සඳහා ලබා දෙන සේවා කොළඹ වරාය තුළදී කාර්යක්‍ෂම සිදුවන බවයි. එමෙන්ම මෙම තත්ත්වය තවත් වර්ධනය කිරීම
සඳහා යටිතල හා උපරිමතල පහසුකම් ද පර්යන්ත පහසුකම් ද වැඩිකිරීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වර්තමානයේ කටයුතු කරමින් සිටින බව ද ප‍්‍රකාශ කළේ ය.

නෞකා ජාලයේ දේශීය නියෝජිත ආයතනය වන Simatech Marine Lanka (PVT) සමාගමේ සභාපති සාලිය සේනානායක මහතා ද මෙම අවස්ථාවේ දී සිය අදහස් ප‍්‍රකාශ කරන ලදී. එහිදි ඔහු සඳහන් කර සිටියේ කොළඹ වරාය තුළ සිදුවන සංවර්ධන කටයුතු, විශේෂයෙන්ම ජයබහළු පර්යන්තයේ සිදුවන සංවර්ධන කටයුතු හේතුවෙන් එහි කාර්යක්‍ෂමතාව හා ඵලදායිතාව වර්ධනය වී ඇති බවයි. මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ – අධ්‍යක්‍ෂ(සේවා සැපයුම් හා ව්‍යාපාර ප‍්‍රවර්ධන) උපුල් ජයතිස්ස, ප‍්‍රධාන කළමණාකරු(බහළු මෙහෙයුම්) අයි.කේ.ඥාණතිලක, හාබර් මාස්ටර් – කපිතාන් නිර්මාල් සිල්වා යන මහත්වරුන් ද නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සිමා ටෙක් මැරීයින් ලංකා සමාගමේ කොළඹ නියෝජිත ආයතනය වන ෆීඩර්ටෙක් පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්‍ෂවරුන් වන ආනන්ද සේනානායක, රොහාන් ජෝෂප් හා සහකාර සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) චන්දික පිණිදිය යන මහත්වරුන් ද සහභාගී විය.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි සොයිසා මහතා විසින් නෞකාවේ කපිතාන් රෝධී බාජ්කොමා යන මහත්වරුන් අතර සමරු ඵලක හුවමාරු වන අවස්ථාව. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂ – (සේවා සැපයුම් හා ව්‍යාපාර ප‍්‍රවර්ධන) උපුල් ජයතිස්ස, ප‍්‍රධාන කළමණාකරු (බහළු මෙහෙයුම්) – අයි.කේ.ඥාණතිලක, හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා යන මහත්වරුන් ද නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සීමාටෙක් මැරයින් ලංකා සමාගමේ කොළඹ නියෝජිත ආයතනය වන ෆීඩර්ටෙක් පුද්ගලික සමාගමේ සභාපති – සාලිය සේනානායක, එහි විධායක අධ්‍යක්‍ෂවරුන් වන ආනන්ද සේනානායක, රොහාන් ජෝෂප් සහ සහකාර සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) – චන්දික පිණිදිය යන මහත්වරුන් ද ඡුායාරූපයේ වෙයි. (ඡුායාරූප – මහින්ද තෙන්නකෝන්)

Leave a Reply

*

2 × 2 =