කොළඹ වරාය බහලූ ඒකක මිලියන 07ක් මෙහෙයවයි

කොළඹ වරාය ඓතිහාසික වාර්තාගත සටහනක් කරමින් අද දින (2018.12.31) බහලූ ඒකක මිලියන 07ක් මෙහෙයැවීමේ කඩඉම පසු කළේ ය. 1973 වර්ෂයේ දී පළමු බහලූව මෙහෙයැවූ කොළඹ වරාය එදා මෙදා තුර මෙවන් සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණීම වාර්තාගත ජයග‍්‍රහණයකි.

මෙම අවස්ථාව සැමරීම, අද දින කොළඹ වරායේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය බහලූ පර්යන්තයේ දී සිදු කෙරිණි. වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් හා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාව නියෝජනය කිරීම සඳහා කොළඹ වරායේ ප‍්‍රධාන පර්යන්තයන් වන ජය බහලූ පර්යන්තය (JCT),සවුත් ඒෂියා ගේට්වේ පර්යන්තය ( SAGT), කොළඹ ජාත්‍යන්තර බහලූ පර්යන්තය (CICT) යන පර්යන්තයන් හි උසස් නිළධාරීන් සහභාගී වි ය.

මිලියන 07 වන බහලූව රැගෙන එනු ලැබූවේ MV CPO හැම්බර්ග් (Hamburg) නෞකාව විසිනි. එය ඵීක්‍ නෞකා සමාගමට අයත් නෞකාවක් වන අතර, ඉන්දියාවේ චෙන්නායි වරායේ සිට පැමිණ තිබේ. මෙම අවස්ථාවේ සිය අදහස් දක්වමින් වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්/ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා පවසා සිටියේ මෙම ජයග‍්‍රහණයට මූලික

වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමන් විසින් මිලින 07 බහලූව ගොඩ බෑම සඳහා සංඥාව ලබාදෙමින්. වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම් ආචාර්ය පරාක‍්‍රම දිසානායක, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) ජයන්ත පෙරේරා, යන මහත්වරුන් ද ඡයාරූපයේ වෙති.

හේතුව කොළඹ වරායේ ව්‍යාපාර සිදු කරන නාවික වෙළඳ ප‍්‍රජාව බවයි. එමෙන් ම මෙහෙයුම් කාර්යයේ දී සිය උපරිම දායකත්වය සපයන ජය බහලූ පර්යන්තය (JCT), සවුත් ඒෂියා ගේට්වේ පර්යන්තය ( SAGT), කොළඹ ජාත්‍යන්තර බහලූ පර්යන්තය (CICT) යන පර්යන්තයන් හි කළමණාකාරිත්ව හා කාර්ය මණ්ඩල ද, නාවික කොට්ඨාශයේ සේවක මහතුන් ද, නියමු කාර්ය මණ්ඩලය ද හා කොළඹ වරායේ අනෙකුත් සියළු කාර්ය මණ්ඩල ද, වෘත්තීය සමිති ද, හිටපු අමාත්‍යවරුන් ද, වරාය හා නාවික අමාත්‍යංශ කාර්ය මණ්ඩලය ද මේ වෙනුවෙන් ලබාදෙන ලද සුවිශාල දායකත්වය අගය කළේ ය. එමෙන් ම කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව වැඩි කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන් හෙතෙම, ඒ වෙනුවෙන් නව උපායමාර්ගික ක‍්‍රම ඇති කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙනු ලැබී ය. එමෙන් ම ඒ සඳහා අවශ්‍ය නව නීති රීති සම්පාදනය ද අවධාරණය කෙරිණි.

වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා සභාව අමතමින්

වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා අදහස් දක්වමින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්ථාපිත වීම, මෙවන් ජයග‍්‍රහන වලට මහත් රුකුලක් බව අවධාරණය කළේ ය. එමෙන් ම ව්‍යවස්ථාදායකයේ විශ්වාසනීයත්වය නොමැති නම් සහ ආයතනික විශ්වාසනීයත්වය නොමැති නම් මෙම ව්‍යාපාර වල වර්ධනය සඳහා අවශ්‍ය විශ්වාසනීයත්වය රට තුළ ගොඩ නොනැගෙන බව ද වැඩි දුරටත් දැන් වී ය.

වත්මන් රජය නාවික වෙළඳ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රගමනය සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයෙහි ලා විශේෂ අවධානයක් යොමු කරන බවත්, ඒ සඳහා වඩාත් සුදුසු සමබර අලෙවි ප‍්‍රවර්ධන ප‍්‍රතිපත්ති සම්පූර්ණ වෙළඳ නාවික පද්ධතිය ආවරණය වන ලෙස ම හඳුන්වා දෙන බවත්, සඳහන් කළේ ය. අද දින මෙම සුවිශේෂී ජයග‍්‍රහණය සඳහා දායක වූ සැම වෙත සිය සුභාසිංශන පිරිනැමීම ද මෙහි දි අමාත්‍යවරයා විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා, අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) ජයන්ත පෙරේරා, සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී රොමේෂ් ඬේවිඞ්, කොළඹ අන්තර්ජාතික බහලූ පර්යන්ත සමාගමේ ප‍්‍රධාන මූල්‍ය නිළධාරි හා පරිපාලන ප‍්‍රධානී රේමන්ඞ් මූ යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු උසස් නිළධාරීන් ද, ක්‍ෂේත‍්‍රයේ වෘත්තිකයන් ද සහභාගී වි ය.

2018 වර්ෂය කොළඹ වරායට ජයග‍්‍රාහී වසරක් වි ය. කොළඹ වරායේ මෙම වසරේ දී (2018) ලොව හොඳ ම බහලූ මෙහෙයුම් වරාය 30 අතර පළමු (01) ස්ථානයට පත් වි ය. ජාත්‍යන්තර ඇල්ෆා ලයිනර් දර්ශකයට අනුව කොළඹ වරාය පළමු අර්ධ වාර්ෂිකය තුළ දී ළඟා කරගත් බහලූ මෙහෙයුම් වර්ධන අනුපාතය 15.6%කි.

එය පසුගිය වසරේ (2017) එම කාල සීමාවට වඩා ඉහළ වර්ධනයකි. මෙම ඓතිහාසික වාර්තාගත වර්ධනය හා ලොව අංක 01 ලෙස සමුද්‍රීය වෙළඳ ව්‍යාපාරය තුළ ශ්‍රේණිගත වීම (Maritime Ranking) කොළඹ වරාය ළඟාකර ගත් සුවිශේෂ ජයග‍්‍රහණයකි. එමෙන් ම ආසියානු, යුරෝපියානු හා මැදපෙරදිග වරායයන් අභිබවා කොළඹ වරාය මෙම ජයග‍්‍රහණය සටහන් කොට තිබී ම ද වර්ධනීය තත්ත්වයකි.

වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම්/ සභාපති ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය
ආචාර්ය පරාක‍්‍රම දිසානායක සිය කතාව අතරතුර

මේ වන විට කොළඹ වරායේ පර්යන්ත අතර ඇති කර ගෙන ඇති අන්තර් පර්යන්ත මෙහෙයුම් අවබෝධතා ගිවිසුම (MOU) අනුව කොළඹ වරායේ සියළු පර්යන්ත සිය උපාය මාර්ගික පර්යන්ත ව්‍යාපාර ප‍්‍රවර්ධනයන් (Marketing Strategies) එක්ව සිදු කරයි. ඒ අනුව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින ජය බහලූ පර්යන්තය (JCT) සවුත් ඒෂියා ගේට්වේ පර්යන්තය (SAGT) කොළඹ ජාත්‍යන්තර බහලූ පර්යන්තය (CICT) යන පර්යන්ත මෙම අවබෝධතා ගිවිසුම හා බැඳී පවතී. මෙම ගිවිසුම පදනම් කර ගනිමින් කොළඹ වරායේ ව්‍යාපාර ප‍්‍රවර්ධන කටයුතු පර්යන්ත අතර සාමූහික එකඟතාවයකින් යුතුව සිදු කෙරේ.

මෙම ක‍්‍රමවේදය මගින් කොළඹ වරායේ පිටතදී පෙර පිවිසුම් කලාපයේ නෞකාවන් සඳහා පර්යන්ත පහසුකම් ලබා ගැනීමට ගතවන කාලය (waiting time ) අවම කර ගැනීමට හැකිව තිබේ. එමෙන්ම, අදාල ප‍්‍රමුඛතාවය අනුව, කොළඹ වරාය විසින් අදාල නෞකාව ට පර්යන්තයක නැංගුරම් පහසුකම් (Bathing ) ලබා දීම ද සිදුවීම තුළින් අදාල නෞකාවන්ගේ මෙහෙයුම් කටයුතු ඉක්මනින් සිදු කර ගැනීමට හැකිවේ. මෙම තත්ත්වය කොළඹ වරාය ජාත්‍යන්තර නාවික වෙළඳාම තුළ ඉතා ඉහළ විශ්වාසනීයත්වයක් රඳවා ගැනීමට හේතු වෙයි.

මේ හේතුවෙන් පිදෙන අන්තර්ජාතික ඇගයීම් රැසක්ම මෙම වර්ෂයේ දී (2018) ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ට ද හිමිවිය. ගෝලීය වරාය සංසදය (Global Port Forum (GPF) විසින් පිදෙන Ports Authority of the year – 2018, (2018 වර්ෂයේ හොඳම වරාය අධිකාරිය) සම්මානය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවිය. එම සම්මානය එහි සමුළු සංසදය (Conference Forum ) පැවති ඩුබායි හි Grand Hyatt හෝටලයේ දී 2018 පෙබරවාරි මාසයේ දී පිදිණි.

1973 වර්ෂයේ දී කොළඹ වරායේ ආරම්භ වන බහළු මෙහෙයුම්, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය බිහිවීමත් සමග සංවිධිත විය. ඒ අනුව 1985 වර්ෂයේ දී ජයබහළු පර්යන්තය (JCT) හි පළමු අදියර ද, දෙවන අදියර 1987 දී ද, තුන්වන අදියර හා පස්වන අදියර 1995 දී 1996 දී බහලූ මෙහෙයුම් සඳහා එක් වි ය. එය කොළඹ වරාය බහලූ මෙහෙයුම් වර්ධනය කෙරෙහි සාජුව ම බලපාන ලදී. මෙම තත්ත්වය තවත් වර්ධනය වීමට බලපෑ සාධකය වූයේ රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් (Public Private Partnership -PPP)  යටතේ 1999 වර්ෂයේ දී සවුත් ඒෂියා ගේට්වේ පර්යන්තය (SAGT) පිහිටුවීමත්, 2012 වර්ෂයේ දී කොළඹ අන්තර්ජාතික බහලූ පර්යන්තය (CICT) පිහිටුවීමත් සමග ය. ඒ අනුව 1999 වර්ෂයේ පිහිටුවන SAGT පර්යන්තය 30 වසරක් සඳහා වන ව්‍යාපාරික ගිවිසුමට (PPP) ඇතුලත් වන අතර, එහි සම්පූර්ණ ආයෝජන වටිනාකම ඇ.ඩො. මිලියන 220කි. එහි ව්‍යාපාරික කොටස් (Market Shares) අයිතිය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) සතුව 15%ක් ද, සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් (SAGT) සමාගම සතුව 85%ක්ද ලෙස ද පවතී.

2013 වර්ෂයේ සිට සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කරන කොළඹ ජාත්‍යන්තර බහලූ පර්යන්ත සමාගම (CICT) ද PPP ක‍්‍රමය යටතේ කොළඹ වරායේ ව්‍යාපාර කටයුතු සඳහා සම්බන්ධව සිටී. එහි ව්‍යාපාරික ගිවිසුම් කාලය වසර 35කි. එහි මුළු ආයෝජන වටිනාකම ඇ.ඩො. මිලියන 550කි. එහි ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කොටස් හවුල්කාරීත්වය 15%ක් වන අතර, ඉතිරි 85%ක කොටස් හවුල්කාරීත්වය CICT සමාගම සතුව පවතී.

උත්සවය සඳහා සහභාගී වූ ආරාධිතයින්

ජය බහලූ පර්යන්තය (JCT) 100%ක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතු පර්යන්තයකි. 2016 වර්ෂයේ දී එහි බහලූ මෙහෙයුම් ධාරිතාව සෘණ අගයක් පෙන්නුම් කළ ද, 2018 වර්ෂයේ දී මිලියන 2.3ක බහලූ ඒකක (TEUs) ප‍්‍රමාණයක් මෙහෙය වී ය. 2017 වර්ෂයට සාපේක්‍ෂව 15%ක වර්ධනයක් ලෙස එය දැක්විය හැක. එමෙන් ම අදාල වර්ෂයේ දී ප‍්‍රථිනැව්ගත බහලූ ඒකක ( Transhipment TEUs) මෙහෙයුම් ධාරිතාව 23%කින් ද ඉහළ ගොස් ඇත. කොළඹ වරාය සැලකීමේ දි එහි බහලූ මෙහෙයුම් ඒකක මිලියන 01 කඩඉම 1995 දී සිදු කළ ද, මිලියන 02ක

වර්තාව සඳහා වසර 09ක් ගත වි ය. එනම් එය සාක්‍ෂාත් වන්නේ 2004 වර්ෂයේ දී ය. ඒ සඳහා SAGT පර්යන්තයේ දායකත්වයද ලැබිණි. පිළිවෙළින් 2006 වර්ෂයේ මිලියන 03 ද, 2010 වර්ෂයේ දී මිලියන 04 ද,2015 වර්ෂයේ දී CICT පර්යන්තය ද සමගින් මිලියන 05 ද, 2017 වර්ෂයේ මිලියන 06ක් ලෙසින් ද දක්වා පැමිණ ඇත. මෙම වර්ෂය අවසානයේ දී ප‍්‍රතිනැව්ගත බහලූ (Transhipment) ධාරිතාව 19.3% කින් ඉහල දැමීමට කොළඹ වරායට හැකි වී තිබේ.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පසුගිය කාලය පුරාවට සිදු කරන ලද නව්‍යකරණයන් හේතුවෙන් වරාය මෙහෙයුම් සඳහා දායක වන සෑම අංශයකට ම සුවිශාල වර්ධනයක් ඇති කිරීමට හැකියාව ලැබී තිබේ. ශ‍්‍රී ලංකාවේ වාණිජ වරාය සංවර්ධනය සම්බන්ධයෙන් රජයේ ප‍්‍රතිපත්තිය තිරණය යටතේ වන උපායමාර්ගික ප‍්‍රවේශයන් ද මේ වන විට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක‍්‍රියාත්මක කරමින් සිටී. ඒ යටතේ වරාය ආශ‍්‍රිත ආයෝජන දිරි ගැන්වීමටත්, ඒ සඳහා වන සංවර්ධන උපායමාර්ග හඳුන්වාදීමත් තුළින් ශ‍්‍රී ලංකා ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් දැක්වීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට හැකියාව ලැබී තිබේ.

Leave a Reply

*

18 − two =