MV Viking Orion කොළඹ වරායට

සුඛෝපභෝගී MV Viking Orion මගි නෞකාව ප‍්‍රථම වරට කොළඹ වරායට පැමිණීම පසුගියදා සිදුවිය.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් හාබර් මාස්ටර් කපිතාන් අතුල හේවාවිතාරණ මහතා සහ MV Viking Orion නෞකාධිපති කපිතාන් රුනේ ලොක්ලිංග් (Capt. Rune Lokling ) යන මහත්වරුන් විසින් මෙම සුවිශේෂි අවස්ථාව සනිටුහන් කරමින් ඵලක හුවමාරුවක් ද නෞකාව තුළ සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ කළමණාකාරීත්වය නියෝජනය කරමින් කළමණාකාර අධ්‍යක්‍ෂ එච්.ඞී.ඒ.එස්.පේ‍්‍රමචන්ද්‍ර, අධ්‍යක්‍ෂ (ආරක්‍ෂක) මේජර් ජනරාල් ගාමිණි හෙට්ටිආරච්චි, අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) ජයන්ත පෙරේරා, අධ්‍යක්‍ෂ (සේවා සැපයුම්) උපාලි ද සොයිසා, ප‍්‍රධාන කළමණාකරු (අලෙවි හා ව්‍යාපාර සංවර්ධන) උපුල් ජයතිස්ස, ප‍්‍රධාන ආරක්‍ෂක කළමණාකරු එයාර් කොමදෝරු චන්න පේ‍්‍රමරත්න, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා යන මහත්වරු සහ නෞකාවේ දේශීය නියෝජිත මහත්වරුන් හා විශේෂ ආරාධිත පිරිසක්එ ක්වූහ.

සුවිශේෂි ඵලක හුවමාරුවට එක් වූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන්
අතුල හේවාවිතාරණ මහතා සහ නෞකාධිපති Rune Lokling මහතා.
වරාය ඉහළ කළමණාකාරීත්වයේ මහත්වරු සහ නෞකාවේ දේශීය නියෝජිත පිරිස.

Leave a Reply

*

three × one =